බොහෝ මිනිසුන් කොවිඩ්-19 වෛරසයට එරෙහිව තවමත් ප්‍රතිදේහ නිපදවා නොමැති බැවින්, ලෝක ජනගහනයෙන් බහුතරයක් තවමත් ආසාදනවලට ගොදුරු වීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අනතුරු අඟවයි.
පසුගියදා ජිනීවා නුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේය.
"ජනගහනයට සාපේක්ෂව අඩු ප්‍රතිශතයකට කොවිඩ්-19 සඳහා ප්‍රතිදේහ ඇති බව අධ්‍යයනවලින් පිළිබිඹු වෙනවා. ඉන් අදහස් කරන්නේ ජනගහනයෙන් වැඩි පිරිසක් තවමත් වෛරසයට ගොදුරු වීමේ අවදානමක සිටින බවයි. මේ නිසා අගුලු දැමීමේ පියවර සහ වෙනත් සීමාවන් ඉවත් කිරීම ගැන යම් රටක් සැලසුම් කරමින් සිටිනවා නම්, මෙය ඔවුන් අවධානයට ගතයුතු තත්ත්වයක් වෙනවා." අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ වන විට ලොව පුරා කෝවිඩ් -19 රෝගීන් මිලියන හතරයි කාලකට වඩා වැඩිය.