වගා කළ හැකි ආහාර රටින් ගෙන්වීම නතර කරීමේ වැඩපිළිවෙලක් ඕනෑ
රට තුළ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස, පාරිභෝගික වාර්තා ඉදිරියට දමමින් පිටරටින් ගෙන්වීම වහාම නතර කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10දා) පෙරවරුවේ හම්බන්තොට, මාගම්පුර රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී හම්බන්තොට ගොවි ජනතාව සමග පැවැති හමුවකදීය.
ජාතික සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහා අවශ්‍ය වූ පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්තව ක්‍රියාවට නංවා ඇති දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන මෙලෙස ජනාධිපතිවරයාගේප්රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.
popular news
-
කෝලිත Tuesday, 11 September 2018 07:47 AM
රටෙි තියෙන හාල් ටික කලමනාකරනය කරගන්න තාම බැරිවෙලා තියෙනව ......වෙන මගුල්ගැන බයිල ගහනව....හාල් වංචාවල යෙදෙන එවුනුත් මරනච කියල කෙලින් කියන්නකො....
Reply : 0 33
ranga Tuesday, 11 September 2018 09:39 AM
වෙන රටක කරපු කතාවක් ද මේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

