ඔස්ට්‍රේලියානු වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගෙවීගිය පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිතයන් 113 දෙනෙකු වාර්තා වී ඇති අතර, එය මාස දෙක ආසන්න කාලයේ වාර්තා වූ අඩුම ආසාදිතයන් සංඛ්‍යාවයි.
කෙසේ වෙතත් ගෙවීගිය දිනයේ එම ප්‍රාන්තයෙන් කොවිඩ්-19 වෛරසය ආශ්රිත මරණ 23ක් වාර්තා වී තිබේ.
නැවත රටට පැමිණෙන සංචාරකයන් සඳහා වූ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමකින් පැනනැඟී ඇතැයි විශ්වාස කරන වෛරසයේ දෙවැනි රැල්ල සමග ඔස්ට්‍රේලියාව තවදුරටත් සටනේ නිරත වෙයි.
මේ අතර, මෙල්බර්න් නගරය කේන්ද්‍ර කරමින් මේ වනවිට දැඩි අගුලු දැමීමක් ක්‍රියාත්මක වන නිසා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට නොහැකිව ඇතැම් පිරිස් දැඩි අපහසුතාවට පත්ව සිටින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.