ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සහිත වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගෙවීගිය පසුගිය පැය 24 තුළ නව කොරෝනා වෛරසය ආසාදිත 12 දෙනෙකු මියගොස් ඇති අතර, නව කොවිඩ්-19 ආසාදිතයන් 216ක් වාර්තා වී තිබේ.
වික්ටෝරියා හි මීට දිනකට පෙර ආසාදිතයන් 222ක් වාර්තා වූ අතර, එය මාසයකට පසුව එම ප්‍රාන්තයෙන් වාර්තා වූ අඩුම ආසාදිත වර්ධනයයි. කෙසේ වෙතත් එදින මරණ 17ක් වාර්තා වී තිබුණි.
ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 පැතිරයාමේ නවතම කේන්ද්‍රස්ථානය වික්ටෝරියා ප්‍රාන්තය වන නමුත් මෑත දිනවල ආසාදිතයන්ගේ යම් මන්දගාමී බවක් දක්නට ලැබෙන බව ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.