ඔස්ට්‍රේලියාවේ දකුණු ප්‍රාන්තය වන වික්ටෝරියා හි ගෙවීගිය පැය 24 තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 149ක් සහ මරණ 24ක් වාර්තා වී තිබේ.
ප්‍රාන්තයේ අගනුවර සහ ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න් සති හයක අගුලු දැමීම සහ ඇඳිරි නීතිය පැනවීම මධ්‍යයේ ගමන් කරන අතරතුර මේ ආකාරයෙන් තවදුරටත් ආසාදිතයන් වාර්තා වීම සිදුවෙයි.
මෙසේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් සැලකිය යුතු පිරිසක් දේශීය සම්ප්‍රේෂණයන් ආශ්‍රිතව වාර්තා වන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.