ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ගෙවීගිය පැය 24 තුළ නව කොරෝනා වෛරසය ආසාදිත 148 දෙනෙකු සහ මරණ 8ක් තහවුරු වී තිබේ.
කෙසේ වෙතත් ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න්, සති 6ක අගුලු දැමීමක් යටතේ පවතින අතර, එම කාලය මේ වනවිට සති තුනකට වඩා තරමක් වැඩිය.
ආරම්භයේ සිට වෛරසය වඩාත් හොඳින් පාලනය කර තිබූ ඔස්ට්‍රේලියාව තුළ මෙම නව ආසාදිතයන් ඉස්මතුවීම වික්ටෝරියා ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් ඇති විය.