ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය ගෙවීගිය පැය 24 තුළ නව කොරෝනා වෛරස ආසාදිතයන් 73ක් වාර්තා කර ඇති අතර, මෙය පසුගිය ජූලි 3දායින් පසුව එරටින් වාර්තා වන අවම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව බව කියයි.
කෙසේ වෙතත් වැඩිහිටි සත්කාරක ස්ථානයක ප්‍රමාද වී වාර්තා වූ ආසාදිතයන් 22දෙනෙකු ඇතුළුව රජය මගින් දෛනිකව වාර්තා කරන මරණ සංඛ්‍යාව 41ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, නිව් සවුත් වේල්ස් ආසාදන පොකුරකින් පසු සමහර ප්‍රදේශවල සෞඛ්‍ය අනතුරු ඇඟවීම් මතු කර ඇති අතර, එය ඊයේ දිනයේ නව ආසාදිතයන් 7ක් වාර්තා කළේය.
ඔස්ට්‍රේලියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 25,744ක් වන අතර, කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර අවම වශයෙන් 3,100ක් පමණ සක්‍රීය ආසාදිතයන් ලෙස සැලකෙයි. එසේම අවම වශයෙන් මරණ 652ක් වාර්තා වී ඇත.