ලෝකයේ වාසනාවට කරු ජයසුරිය මහතා ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කෙනෙක් වුනේ නැත්තේ- ඩලස්
එජාපයට 113ක් නොමැති බවත් රැවටිමක් සිදුකරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. හෙතෙම මේ බව පැවසුවේ අද මාතර දි පැවති මාධ්‍ය සාකච්ජාවකදිය.
එහිදි තවදුරටත් අදහස් පලකල මන්ති‍්‍රවරයා,
‘‘ 2018 නොවැමිබර් 14 වෙනිදා මුලූ රටම බලාගෙන ඉද්දි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ පත්විමට එරෙහිව පාර්ලිමෙින්තුවේදි විස්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරා, ඒ ප.ව 1.48 ට, ස්ථාවර නියෝග අත්හිටවලා අත්තනෝමතික විදියට ඉදිරිපත් කරලා, 1.52 ට එය සම්මත වු බව කථානායකවරයා පවසනවා. එතකොට විනාඩි 4 න් මේ විස්වාසභංගය සම්මත වෙලා තියෙනවා. එතුමා කියනවා ශබ්දය අනුව වැඩි හඩක් ඇහුන නිසා අනුමත කරාලූ. ලෝකයේ වාසනාවට කරු ජයසුරිය මහතා ජාත්‍යන්තර කි‍්‍රකට් විනිසුරු කෙනෙක් වුනේ නැත්තේ ,එහෙම වුනානම් වැඩියෙන් කැගහන කණ්ඩායමට ජයග්‍රහණය ලබාදෙයි .ඉතාම ප්‍රාථමික ප්‍රකාශ.
ඒ වගේම මේ විස්වාසභංග කෙටුම්පත කාටවත් පෙන්වන්නෙ නැතුව මුල් දිනයේ විජිත හේරත් මන්ත්‍රීතුමා දුවලා ගිහිල්ලා සභා ලේකම්වරයට භාරදුන්නා. මම ජිවිතේට දැකල් නැහැ විජිත හේරත් මන්ත්‍රීතුමා මෙච්චර වේගයෙන් දුවනවා. දුවපු වේගයේ හැටියට මුත්රසාම්පලයක් පරික්ෂා කරන්න ඕන තහනම් උත්තේජක අරන්වත් මෙහෙම දිවුවද කියලා ,ඒ නිසා කථානායකවරයාගේ කි‍්‍රයාකලාපය පිළිබදව ජනතාව තින්දු තිරණ ගනිවි ’’ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මහේෂ් මල්ලවාරච්චි

popular news
-
Saththaya Sunday, 18 November 2018 06:05 PM
මෙච්චර වීර පුතුන් හදපු ඉස්කෝලෙට ලැජ්ජය්.
Reply : 0 0
Nandana Sunday, 18 November 2018 08:02 PM
Honda velawata meya miti une
Reply : 0 0
rocky Monday, 19 November 2018 06:10 AM
එදා අර කිරි පැකට් ගහපු එකේ අමාරුව තවමත් සනීප වෙලා නැතුවා වගෙයි!
Reply : 0 0
Don Monday, 19 November 2018 07:35 AM
සත්තු වගේ හැසිරිලා තාමත් බනින්නේ කරුට මුළු ලෝකයම දැක්කා අතිවිශිෂ්ට හැසිරීම මිරිස් කුඩු ප්‍රහාරයත්, අහිංසක පොලිස් නිලධාරීන්ට පුටු කඩලා පහර දීමත් කවුරුවත් අනුමත ෙනොකරන වැඩක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

