ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් හා අගමැති අතර හමුවක්
ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා ඇතුළු දූත පිරිස සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (31) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව තුළ ආගමික සහජීවනය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරිණි.
පසුගිය අප්‍රේල් 21 වෙනිදා බෝම්බ ප්‍රහාරය එල්ල වීමත් සමඟ ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කරමින් ඊට සම්බන්ධ ත්රස්තවාදීන් නීතියේ රැහැනට හසුකර ගැනීමටත් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමටත් තමා ගත් පියවර පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මහලේකම් වරයාව දැනුවත් කළේය.
ජාතීන් අතර සහජීවනය ඇති කිරීමට තමා කැපවන බව පෙන්වා දුන් ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා පසුගිය අප්‍රේල් 21 වෙනිදා මෙරට ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධව සිය කනගාටුව පළ කළ අතර, එම ප්‍රහාරය එල්ල වී ඉතා කෙටි කලක් තුළ රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට හැකිවීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ප්රසාදයද මෙහිදි පළ කළේය.
මේ සංචාරයේදී තමනට මහා සංඝරත්නය සමඟ සාකච්ඡා ගණනාවක් පැවැත්වීමට අවකාශ සැලසුණු බවත්, ලොවටම මෛත්‍රිය පතුරුවාලන ධර්මයක් ලෙස බුදු දහමෙහි හරයාත්මක වටිනාකම් ඒ සාකච්ඡාවන්හිදී යළි යළිත් තහවුරු වූ බවද මහලේකම්වරයා පෙන්වා දුන්නේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා වන අරමුදල උදෙසා අමෙරිකානු ඩොලර් මිලියන 5 ක මුදලක් පරිත්‍යාග කරන බවද ඔහු පැවසීය.
ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ ජනතාව සම්බන්ධව සොයා බලමින් ඔවුන්ට උදවු උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම්වරයාට වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය පළ කළේය.
මෙම අවස්ථාවට තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. හලීම්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මීල් යන මහත්වරුන් ද එක් වි සිටියහ.

popular news
-
Madson Thursday, 01 August 2019 07:20 AM
පුලවන්නම් මෙයාව එහෙ එක්කරගෙන යන්ඩකෝ!!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

