ලෝක පරිසර දිනයට සමගාමීව ඒ-9 මාර්ගය දෙපස රුක් රෝපණ වැඩසටහනක්
ලෝක පරිසර දිනය නිමිති කොටගෙන ග්‍රීන් කොරිඩෝ තේමාව යටතේ උතුරු ආණ්ඩුකාර කාර්යාලය සහ කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයන් විසින් යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ යාපනය සිට වව්නියාව දක්වා රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කොට තිබුණී.
යාපනය සිට වව්නියාව දක්වා කිලෝමීටර් 138ක දුරප්රමාණයක් ඒ- 9 මාර්ගයේ රැක් රෝපණය සිදු කෙරෙන අතර කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්රය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) දින මාන්කුලම් ප්‍රදේශයේ ඒ-9 මාර්ගය දෙපස රුක් රෝපණය සිදු කෙරුණි.
අනතුරුව මාන්කුලම ප්‍රදේශයේම තවත් ස්ථානයක උතුරු පළාත් ආණ්ඩුකාර සුරෙෂ් රාඝවන් මහතාගේ ප්රධානත්වයෙන්ද ඒ-9 මාර්ගය දෙපස ඊයේ (05) දින රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි.
තවද මෙම අවස්ථාවන් වෙනුවෙන් කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම්, මුලතිව් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් ඇතුළු දේශපාලන නියෝජිතයින් හා සාමාන්‍ය වැසියන් පිරිසක් සහභාගී වූහ.

popular news
-
Champa Thursday, 06 June 2019 06:07 PM
රුක් රෝපණයට හමුදාව මූලිකත්ව ගත්ත එක ඉතාම ඉහලින් අගය කරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

