ලොකු පිම්මකට අකිල සූදානම්
අධ්‍යාපන ක්ෂේත්රයේ විශාල වෙනසක් ඇති කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ වන විට අවධානය යොමුකර තිබේ.
මහනුවරදී පැවැති වැඩසටහනකදී ඔහු මේ බව හෙළි කළේය. එහිදී සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් සංඛ්‍යාව 6ක් බවට පත්කිරීම, සාමාන්‍ය පෙළ හා උසස්පෙළ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට මෙන්ම ශිෂ්‍යත්ව විභාගය පිළිබඳවත් සමාලෝචනයක් කිරීමටත් ඔහුගේ අවධානය යොමුව තිබේ.
“ඉදිරියේදි අපි සැලසුම් කරලා තියෙනවා සාමාන්‍ය පෙළ 9 ය හයක් කරන්න (විෂයන්). ඒ වගේම අනවශ්‍ය දේවල් ඉවත් කරන්න. ශිෂ්‍යත්ව විභාගය ගැන සම්පූර්ණ සමාලෝචනයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි එන සතියේදි කමිටුවක් දාන්න. ඒ කමිටුව මගින් බලාපොරොත්තු වෙනවා ශිෂ්‍යත්ව විභාගය තියෙනවද නැත්ද? කෙසේද අපි පවත්වාගෙන යන්නේ කියලා.
විශේෂයෙන්ස ශිෂ්‍යත්වයෙන් සමත් දරුවන්ට හොඳ පාසලකට යන්න ඕනනම් ඒ අවස්ථාවත් ලබාදෙනවා. මේක ජාතික මට්ටමේ තරගයක් ඇති නොකර, ළමා කාලයත් ආරක්ෂා වෙන විදිහට වැඩපිළිවෙළක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.
අනාගතයේදී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දෙකම දෙසැම්බර් මාසයේ තියලා විභාග ප්‍රතිපළ දෙන ක්‍රමයකුත් ගේනවා. ඒක අපි විභාග කොමසාරිස්වරයා අභියෝගය බාරදුන්නා. විභාගය තියෙනවා ජනවාරි වෙන විට උසස් පෙළට යනවා එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයට යනවා.”

popular news
-
හේරත් Sunday, 14 October 2018 01:50 PM
නිදහස් (නොමිලේ) අධ්‍යාපනයෙන් උපරීම ප්‍රයෝජන ගැනිමට නම්, විභාග තබා දරුවන් අසමත් කර "අපි අසමතුන්" යන මතය ඇති කරනා ජාතික අධ්‍යාපනය ප්‍රතිපත්තිය මුලින්ම අහොසි කල යුතුයි. කරුණාකර සියලුම විභාග අවලංගුකර දමන්න, පාසලින් පසු වෘත්තියක් කිරිමට අවශ්‍ය කුසලතා දරුවා තුල වර්ධනය කරන්න - සමස්ථ පාසල් කාලය තුලම දරුවා ගැන අකන්ඩ ඇගියිමක් කර, අවුරුදු 18 සම්පුර්ණ වු පසු නිරෝගි මනුෂ්‍යකේ සහ ගෞරවාන්විත රට වැසියෙක් කර සමාජගත කරන්න. අද සිදු සිදු වන්නේ දෙම්ව්පියන් තුරුලේ නිරෝගිව වැඩෙන දරුවන් පාසලට ඇතුලත් කර රෝගි-දරුවන් කර සමාජගත කිරිමයි.
Reply : 2 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

