ලෙඩ 21ක් හදන කිරිපිටි ගෙන්වීමට රු බි 55ක්
ලෙඩරෝග විසිඑකක් ඇති වන කිරිපිටි ගෙන්වීම සඳහා වසරකට රුපියල් කෝටි පන්දහස් පන්සීයකට අධික මුදලක් වියදම් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම මුදල වසරකට රට තුළට ඖෂධ ගෙන්වීමට වියදම් කරන මුදලට සමාන බවත්, කිරිපිටිවලින් ලෙඩරෝග 21ක් ඇති කරන නිසා ජනතාව ඉන් බේරාගැනීම සඳහා අද (20දා) සිට රට තුළ අඛණ්ඩ වැඩපිළිවෙළක් දියත් කරන බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
රෝහල් මට්ටමින් පාසල් මට්ටමින් හා ආයතන මට්ටමින් කිරිපිටිවල ඇති අහිතකර තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට සැලසුම් කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
කිරිපිටි නිසා ඇති වන රෝගාබාධ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදාහැරීමේ හා දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
දැනුවත් කිරීමේ උත්සවය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී සිදුවිය.

-
Kumar Tuesday, 21 January 2020 08:25 AM
වෛද්‍යවරු කිරිපිටි බොන්න එපා කියනවා. එහෙම කිව්වත් ලංකාවේ වෙන කිරිවර්ග නැතිනම් මොකද කරන්නේ. අපි කුඩා කාලෙ මවුකිරි වරුවහම අපට දීල තිබෙන්නේ පිටිකිරි. අපේ පවුලේ සාමාජිකයන්ට දරුණු අසනීප නැතිබව කියන්න ඕනෙ. ගම්බද බොහෝ දෙනකුට කිරිපිටි ගන්න මුදල් නැති නිසා දරුවන්ට බත් වලට අමතරව දෙන්නේ තේ කහට. මේ හේතුවන නිසා පාසැලේ දෙන එළකිරි බිව්ව ගමන්ම පාචනය හැදෙනවා. ඒ වැනි ගම්වලින් වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වුන කවුරුවත් නැද්ද. සියලු දෙනාටම පොවලා තිබෙන්නේ පිටිකිරිද? දරුවන්ට මවුකිරිවටල වඩා හොද කිරක් නැතිබව ඇත්ත සෑම මවටම කිරි එරෙන්නේ නැතිබවත් අමතක කරන්න එපා.
Reply : 0 0
samson de silva Tuesday, 21 January 2020 09:04 AM
ඔය කියන රෝග විසි එක මොනවාද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද? ඔය කියන අත් පත්‍රිකාවට ප්‍රසිද්දියක් පුවත්පත් හෝ වෙනත් මාද්යවලින් ලබා දිය යුතුයි. කිරිපිටිවලින් හැදෙන රෝග මොනවාද, ඒ සඳහා තියෙන විද්‍යාත්මක සාක්ෂි මොනවාද, එම පර්යේෂණ කෙරුවේ කවුද, කොහොමද, පර්යේෂණවල ප්‍රතිපල මොනවාද ආදී විස්තර අවශ්‍යයි. එහෙම නැතුව දේශපාලන බලාපොරොත්තු තියාගෙන දේශනා පවත්වන දොස්තරලා කියාගන්න හොරු කියන දේවල් පිළිගත නොහැකියි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

