ලිහිසි තෙල් නිපදවීමෙන් CPCට අතිරේකව රු . කෝ. 200ක ආදායමක්
වාහනවලට අවශ්‍ය ලිහිසි තෙල් නිෂ්පාදනය ශ්‍රී ලංකාවේම ආරම්භ කිරීම නිසා ලංකා ඛනිජතෙල් සංස්ථාවට වාර්ෂිකව රුපියල් කෝටි 200ක අමතර ආදායමක් උපයා ගැනීමට හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
ආනයනය කළ වාහන ලිහිසිතෙල් වෙනුවට, ඒ්වා අප රටේම නිපදවීම ලංකා ඛනිජතෙල් සංස්ථාව විසින් පසුගිය සතියේ සිට ආරම්භ කර තිබේ.
එමනිසා වාර්ෂිකව විදේශ රටවලට ඇදී ගිය විශාල විදේශ විනිමය ප්‍රමාණය වෙනුවට දැන් වාර්ෂිකව රුපියල් කෝටි 200ක අමතර ආදායමක් උපයා ගැනීමේ හැකියාව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ලැබී තිබේ.
ඛනිජතෙල් සංස්ථාව විසින් ලිහිසිතෙල් නිපදවීමේ නව තාක්ෂණික උපකරණ සහිත නව කර්මාන්තශාලාව ආරම්භ කර තිබුණ ද යම් යම් නෛතික හේතුන් නිසා නිෂ්පාදන කටයුතු ඇරඹීමට නොහැකි වී තිබිනි.
නමුත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබීමත් සමග මේ වනවිට ලිහිසිතෙල් නිෂ්පාදනය ආරම්භ කර තිබේ.
ඊයේ පස්වරුවේ (10) අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම කටයුතු සොයා බැලීම සඳහා කෙරවලපිටියේ පිහිටි ලිහිසිතෙල් කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කරනු ලැබීය.
මේ වනවිට එහි නිෂ්පාදන ධාරිතාවය සියයට 07ක් වන අතර මෙම වසර අවසන් වන විට ධාරිතාවය සියයට 20 දක්වා වැඩි කෙරේ. මෙම ලිහිසිතෙල් කර්මාන්ත ශාලාවේ සමස්ත නිෂ්පාදන ධාරිතාවය කිලෝ ලීටර් මිලියන 30කි.
ඉහළ ප්‍රමිතියෙන් යුතු CEYPETCO වෙළඳ නාමය යටතේ දැන් පළමුවරට ලිහිසිතෙල් අප රටේ වෙලෙඳ පොළට ලැබෙන අතර ලංගම, විදුලිබල මණ්ඩලය ඇතුලු සියලු රාජ්‍ය අංශය සතු වාහන සඳහා මෙම ලිහිසිතෙල් භාවිත කිරීමට පොළඹවන ලෙස ඉල්ලා ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලය වෙත පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා දුම්රිය සඳහා දැනට මෙහි නිෂ්පාදනය කෙරෙන ලිහිසි තෙල් භාවිතා කළ නොහැකි බැවින් දුම්රිය ඉංජිනේරුවරුන් සමග සාකච්ඡා කර දුම්රිය සඳහා ද සුදුසු ලිහිසිතෙල් නිෂ්පාදනයට කටයුතු යොදන ලෙස අමාත්‍යවරයා එහි ඉහළ කළමනාකාරිත්වය උපදෙස් දෙනු ලැබීය.

popular news
-
Kumar Monday, 15 June 2020 07:19 AM
As they say in the US the new lubricant may be good for the CPC pocket book but hit the vehicle owners pocket if it doesn't meet ASE specs. Whether the lubricant meet standards or not, it will be the only game in town?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

