ලබන ජූනි වන තෙක් වී තොග තිබෙනවා
මේ වසර තුළ ලංකාවේ ගොවීන් නිෂ්පාදනය කර තිබෙන වී අස්වැන්නට අනුව ලබන වසරේ ජුනි මාසය තෙක් රටට අවශ්‍ය වී තොග තිබෙන බවට මේ වනවිට හෙළි වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ නිසා රට තුළ සහල් හිඟයක් ඇති නොවන බවත් රටින් සහල් ගෙන්වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකාරක, සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළේය.
සහල් මිල ඉහළ යෑම පිළිබඳ හා වී තොග හිඟයක් ගැන කතා කළද මේ වසරේ අප්‍රේල් මාසයේ වී මෙට්‍රික් ටොන් 2,790,000ක් හා මේ වසරේ අගෝස්තු මාසයේදී වී මෙට්‍රික් ටොන් 1,380,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි සංඛ්‍යාලේඛන පෙන්වාදෙන බවද ඔහු කියා සිටියේය.
අප්‍රේල් මාසයේ ලැබුණු වී තොග සහල් බවට පත්කළහොත් සහල් මෙට්‍රික් ටොන් දහනව ලක්ෂ හතළිස් දහසක් 1,940,000 ලැබෙන බවත්, අගෝස්තු මාසයේ ලැබුණු වී තොග සහල් බවට පත් කළහොත් සහල් මෙට්‍රික් ටොන් 904,000කට ආසන්න ප්‍රමාණයක් ලැබෙන බවත්, මේ අනුව සමස්ත අස්වැන්නෙන් සහල් මෙට්‍රින් ටොන් 2,744,000ක් ආසන්න වශයෙන් ලැබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.
එක් මාසයකට රටේ ජනතාවට සහල් මෙට්‍රික් ටොන් 195,299ක් අවශ්‍ය බවත්, මේ අනුව සමස්ත වී තොගවලින් මාස දාහතරකට ආසන්න කාලයකට සහල් ලැබෙන බවත් ඔහු කියා සිටියේය.
වී තොග ලැබුණු අප්‍රේල් මාසයේ සිට ගණනය කිරීමේදී මේ වනවිට මාස හතක් ගත වී තිබෙන බවත්, මේ අනුව තවත් මාස හතකට අවශ්‍ය වී තොග රට තුළ තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.

popular news
-
විමර්ශි Friday, 27 December 2019 08:32 AM
ඔහොම නොවෙයි .... රට ම වැහෙන්න ට තරම් වී තොග තිබුණත්, මාධ්‍ය සංදර්ශන , දේශපාලනික ගැලරි ෂෝ නැතිව අස්වනු වැඩ් වීමට සමගාමීව ආණ්ඩුව විසින් වී -සහල් වෙළඳපොළ හරි හැටි කළමණාකරණය නොකළොත් ආයෙත් ඉතිං වී -- සහල් මාෆියා කාරයො 4 දෙනා තමයි රටේ මිනිස්සු බත් කන නොකන එක තීරණය කරන්නෙ, අද වගේ ම...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

