ලතින් ඇමරිකානු කලාපයේ සිදුව ඇති කොවිඩ්-19 මරණ සංඛ්‍යාව ඊයේ (20දා) වනවිට 250,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.
ගෙවීගිය පැය 24 තුළ බ්‍රසීලය වෛරසය ආශ්‍රිතව පුද්ගලයන් 1,204ක් මිය ගිය බව වාර්තා වීමත් සමග මෙම සන්ධිස්ථානය සනිටුහන් වී තිබේ.
පසුගිය සතිය තුළ කලාපයේ දෛනික මරණ 3,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, පේරු, කොලොම්බියාව සහ ආර්ජන්ටිනාව තුළ දිනපතා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවද වාර්තා වෙයි.