ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා වෛරස තොරතුරු මධ්‍යස්ථානයේ ගණනය කිරීම් අනුව සම්පාදනය කරන ලද දත්තවලට අනුව අද (28දා) වනවිට ලතින් ඇමෙරිකානු කලාපයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 7ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කලාපයේ දැනට තහවුරු වී ඇති දන්නා කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 7,020,744 කි.
ලතින් ඇමෙරිකාවේ වැඩිම ආසාදන සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙනි. එම අගය 3,761,391ක් ලෙස සටහන් වෙයි. එක්සත් ජනපදයෙන් පසු ලෝකයේ තහවුරු වූ දෙවැනි වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඇති රට ලෙස එය හැඳින්වෙයි.
ලතින් ඇමෙරිකාවේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින බ්‍රසීලයට පසුව පේරු, මෙක්සිකෝව, කොලොම්බියාව සහ චිලී මෙසේ ආසාදිතයන් ඉහළ සංඛ්‍යාවක් වාර්තා කර තිබේ.