ලක්ෂ හතරක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
හොරණ ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක් ලබාගෙන කේරල ගංජා ජාවාරමේ යෙදුණු පුද්ගලයෙක් රුපියල් ලක්ෂ හතරකට අධික වටිනා කේරල ගංජා තොගයක් සමග හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි
එම සැකකරු සමඟ ගංජා කිලෝ දෙකක් පොලිස් භාරයට ගෙන ඇත .
හොරණ මූලස්ථාන පොලිසියේ වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තරංග වික්‍රමආරච්චි මහතාට ලද තොරතුරක් අනුව බැල්ලපිටිය සහන පුර ප්‍රදේශයේදී
ගංජා ග්‍රෑම් 600 ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමේදී හොරණ කපුගල්ල ප්‍රදේශයේ බෝක්කුවක් යට සඟවා තිබූ
තවත් කේරල ගංජා කිලෝ එකයි ග්‍රෑම් 400 සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පදිංචි හතළිස් එක් හැවිරිදි පුද්ගලයකු බවත් සැකකරු මීට පෙරද ගංජා ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ ඔහු බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
සැකකරු විසින් කලින් කලට විවිධ ප්‍රදේශය වලින් කුලී පදනම මත නිවෙස් ලබාගෙන ගංජා ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බව පොලිසිය කියයි
සැකකරුට ගංජා ලබාදෙන පුද්ගලයන් සම්බන්ධයෙන් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලීසිය නිලධාරියා වැඩිදුරටත් පැවසීය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

