ලක්ෂ 5ට අඩු අාදායම් උපයන කලාකරුවන්ට බදු නිදහස්
වසරක් තුළ රුපියල් ලක්ෂ 05 ට අඩු ආදායම් ඉපයු කලාකරුවන් කිසිසේත්ම ආදායම් බදු ගෙවීමට අදාළ නොවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (23දා) පාර්ලිමෙන්තුවේදී පැවසීය.
අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත සහ සුරබදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට යොමුකරමින් අමාත්‍යවරයා මේ බව පැවසිය.
“නව බදු පනත තුළින් කලාකරුවන්ගේ නිර්මාණ වලදී ලැබෙන ආදායම් වලින් අයකරන බදු කලින් තිබුණාට වඩා 4% ක් වැඩිවෙලා තිබෙනවා. එයට ඉක්මන් සහනයක් ලබාදෙන්න අපි කටයුතු කර තිබෙනවා. ටෙලිනාට්‍ය විකාශනය කිරීමේදී සිදුකරන බදු ගෙවීම සම්බන්ධයෙන් යම් අපහසුතාවක් ඇති බව කලාකරුවන් අපිට දැන්වුවා.
ඔවුන් වෙනුවෙන් විශාල බදු නිදහසක් ලබාදෙන්න කටයුතු කළා. කලාකරුවන්ට හා ගත්කතුවරුන්ට අයකරන බදු වලදී මාසයකට රැපියල් 5 0000 වඩා වැඩි ආදායමක් ඉපයු කලාකරැවන්ගෙන් පසුගිය රජය අයකළ 10% ආදායම් බද්ද වහා ක්‍රියාත්මක වන පරිදි 05% ක අඩුකිරීමට රජය තීරණය කර තිබෙනවා.
මාසයකට රැපියල් 50 000 ට වඩා වැඩි ආදායමක් උපයන කලාකරුවන්ලෙන් ගත්කතුවරැන්ගෙන් 05% ක රදවාගැනීමේ බද්ධක්. වසර අවසානයේදී රැපියල් ලක්ෂ 05 ට අඩු ආදායම් ඉපයු කලාකරුවෙකු සිටීනම් ඔවුන් ගෙවු රදවා ගැනීමේ බද්ධ නැවතත් ආපසු ලබාගැනීමට ඉඩකඩ සලසා දීමට කටයුතු කිරීම නව පනතේ විශේෂත්වයක්.”

popular news
-
Champa Thursday, 23 August 2018 08:59 PM
මොන මෝඩ කතාවක්ද? කලාකරුවන් කියන්නේ රටකට ලැබෙන අසාමාන්‍ය සම්පතක්. ඒ හින්ද කලාකරුවන් සම්පූණයෙන්ම බදු වලින් නිදහස් කරන්න ඕනේ. මුදලම මිසක් රටක් ජාතියක් ආගමක් කලාවක් මුතුක් දන්නේ නැති මුග්ධයන්ගේ ආණ්ඩුවකට මීට වඩා හිතන්න බැහැ. මේවට විරුද්ධව කලාකරුවන් පාරට බහින්ද ඕනේ. සැප්තැම්බර් 5ස් වෙනිදා මහින්දගේ ජනබල විරෝධයට කොළොඹට එන්න, පාට පක්ෂ භේදයක් නැතුව.
Reply : 4 0
Lawrence Perera- Rockville USA Friday, 24 August 2018 03:16 AM
විදේශ රටවල ඇවිල්ල හම්බ කරන ඇති මුදල් වලට බදු ගන්නේ නෙද්ද ? පුදුම රටක් ???
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
