ලක්ෂ 1500ක අල්ලසක් නිසා මලික් CID යයි
අධිවේගී දුම්රිය නිපදවීමට හා අපනයනය කිරීමට ව්‍යෘපෘති යෝජනාව අනුමත කර ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 1,500ක් බැරකර ඇති කැබිනට් ඇමතිවරයෙකු සිටී නම්, ඔහුට විරුද්ධව වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම දුම්රිය ව්‍යාපෘතිය සඳහා තමන් අල්ලස් මුදල් ලබාගත් බවට ඇතැම් මාධ්‍ය ගෙනයන ප්‍රචාර අසත්‍ය බවත්, එම ව්‍යාපෘතියේ නියෝජිතයන් සමග කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් අමාත්‍යවරය පවසා සිටියේය.
ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති යෝජනාවලට එම මණ්ඩලය සහ ආයෝජන අනුමැතිය සඳහා වන තනි කවුළුව මගින් අනුමැති ලබා ගැනීමට අමාත්‍යවරයාගේ අනුමැතියක් අවශ්‍ය නොවන බවද හෙතෙම සඳහන් කළේය.
මාධ්‍ය මගින් අසත්‍ය පුවත් මවාපාමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපකීර්තියට හා අපහාසයට ලක්වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

popular news
-
රජින්ද Thursday, 11 October 2018 11:31 AM
මෙන්න බඩු.... රටින් කිසිම දෙයක් ආනයනය කරන්න එපා අපනයනය කරන්න කිය කියා මාධ්‍ය සංදර්ශන පවත්වන අතරේ, අපේ රටේ ආයෝජනය කරන ව්‍යවසායකයින්ගෙන් තිතට පගාව ගහනවා. මම ඒකයි හැමතිස්සෙම කියන්නේ දැන් අපේ රට කියන්නේ තනිකරම ප්‍රේතයින්ගේ විලක් වගේ තැනකට කියලා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

