ලක් සංචාරකයන්ට සෘජුවම ලුම්බිණියට යෑමට අවස්ථාවක්
ලුම්බිණියේ ගෞතම බුද්ධ ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුතුව කඩිනමින් සංවර්ධනය කිරීමට තමන් අපේක්ෂා කරන බවත්, එවිට ශ්‍රී ලංකාවේ බෞද්ධයින්ට ඝෘජුවම පැමිණ ලුම්බිණිය වන්දනාමාන කර ගැනීමට අවස්ථාව සැලසෙන බවත් නේපාල ජනපති බිද්යා දේවි භණ්ඩාරි මහත්මිය ප්‍රකාශ කළාය.
බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවීමට නේපාලයට ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හා නේපාල ජනාධිපතිනිය අතර ඊයේ (01දා) පස්වරුවේ පැවැති නිල හමුවේදී ඇය මේ බව ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ධීවර, කෘෂිකර්ම සහ සංචාරක ක්ෂේත්රයන්හි සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද නායකයෝ සාකච්ඡා කළහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසා ඇත්තේ නේපාලයේ ශ්‍රී ලංකා බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් ආරම්භ කර ඇති ලුම්බිණි සංවර්ධන භාරය විසින් සකස් කර තිබෙන පුළුල් සංවර්ධන සැලැස්ම සාර්ථක කර ගැනීමට තම උපරිමය සහය ලබාදෙන බවයි.

popular news
-
Champa Sunday, 02 September 2018 05:56 PM
ඒක නම් හරිම හොඳ වැඩක්. තව මට මේක කියන කොට වෙනත් අදහස් කීපයකුත් ආව. කොහෙද ඉතින් ඒවා කියන්න ඕනේ ආණ්ඩුවකටනේ. දෙමුහුන් පාන්ඩුවකට ඒවා කියලා වැඩක් නැහැ. මාත් යන්න ආසයි මෙතන බලන්න. තොග ගානට තිරුපති යන අයත් මෙතනට ගියා නම් තමයි හොඳ. පහුගිය අවුරුදු 70 ටම ලංකාවට නියම සිංහල බෞද්ධ නායකයෙක් ලැබුණයි කියලා කියන්න බැහැ. වචනයෙන් එහෙම වුනාට ක්‍රියාවෙන් බෞද්ධ නැහැ. එහෙම වුනා නම් අපේ සිංහල සමාජය කවදාවත් මේ ආණ්ඩුව ආවට පස්සේ වගේ විකෘති විපරීත සමාජයක් වෙන්නේ නැහැ. හාමුදුරුවරු හිරේ යවන්නෙත් නැහැ. මහා අපරාධකරයෙකුටත් නොදෙන දඬුවම් දෙන්නෙත් නැහැ. උසාවි ගානේ ගෙනියන්නෙත් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
