ඩාවෝස් හිදි පැවැත්වීමට නියමිතව තිබූ ලෝක ආර්ථික සංසදය නව කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් කල් දැමීමට තීරණය කර තිබේ.
සාමාන්‍යයෙන් ජනවාරි මාසයේ පැවැත්වෙන මෙම රැස්වීම මෙම නව තත්ත්වය හේතුවෙන් ගිම්හානයේදී පැවැත්වෙන බව කියයි.
ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, කොවිඩ්-19 පශ්චාත් යුගය තුළ පොදු ප්‍රකෘතිමත් වීමේ මාවතක් සැලසුම් කිරීම සහ එහි දැවැන්ත සීරුමාරු කිරීම් හැඩ ගැස්වීම සඳහා ගෝලීය නායකයන් එක්රැස්වීමේ අවශ්‍යතාව ඉතා හදිසි බැවින් මෙම තීරණය පහසුවෙන් ගනු ලැබූවක් නොවන බවයි. කෙසේ වෙතත්, විශේෂඥයන්ගේ උපදෙස් පරිදි ජනවාරි මාසයේදී මෙම සමුළුව ආරක්ෂිතව සිදුකළ නොහැකි බව ලෝක ආර්ථික සංසදය අවධාරණය කරයි.