ලාඕසය මේ වසරේ අවසානය වනවිට මිලියන 7.2ක ජනගහනයෙන් 50%ක් එන්නත් කිරීමට බලාපොරොත්තු වන සැලසුම අනුව, චීනයේ සීනොෆාම් එන්නත් සමග වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා COVID-19 එන්නත ලබාදීම ආරම්භ කර තිබේ.
ලාඕසයේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සෞඛ්‍ය හා තොරතුරු හා අධ්‍යාපන මධ්‍යස්ථානය විසින් ඊයේ (21දා) නිකුත් කළ වාර්තාවකට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලාඕසයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ද වයස අවුරුදු 60ට වැඩි පුරවැසයන්ට මෙන්ම, නිධන්ගත රෝගාබාධවලින් පෙළෙන අයටද සීනොෆාම් එන්නත් කිරීම සඳහා කොළ එළියක් ලබා දී තිබේ.
දේශ සීමාවන් හි සිටින ඉදිරි පෙළ සේවකයන්ට, වෛද්‍ය හා හෙද වෘත්තිකයන්ට මෙන්ම ඇතැම් පුරවැසියන්ට ලාඕසය විසින් දැනටමත් සීනොෆාම් එන්නත් ලබාදී ඇති බවද සඳහන් වෙයි.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ලාඕසයේ 700,000කට අධික පිරිසකට පළමු එන්නත් මාත්‍රාව ලැබී ඇති අතර 400,000කට අධික පිරිසකට දෙවැනි මාත්‍රාව ලැබී තිබේ.