ලාඕසය සිය කොවිඩ්-19 වැළැක්වීමේ ලොක්ඩවුන් සීමා රට පුරාම ක්‍රියාත්මක වන පරිදි තවත් දින 15ක් දක්වා දීර්ඝ කර ඇති බව එරට අගමැති කාර්යාලය අද (19දා) නිවේදනය කරනු ලැබීය.
ලාඕසයේ අගනුවර සහ අසල්වැසි පළාත්වල වෛරසය පැතිරීම සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කරගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවත් අගමැති කාර්යාලය වැඩිදුරටත් පවසයි.
ඒ අනුව එරට රට පුරා අගුලු දැමීමේ නියෝගය ජූලි මස 04දා දක්වා දීර්ඝ කර තිබේ.
වසංගතය ආරම්භයේ සිටම වෛරසය හොඳින්ම පාලනය කළ රටක් ලෙස ලාඕසය සැලකෙයි. එරට තවමත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2050ක් සහ වෛරසය ආශ්රිත මරණ 3ක් පමණක් වාර්තා වී ඇත. එම මරණ සිදුවූයේද මැයි මාසයේදීය.