පියවරුන්ගේ දිනය සමරමින් හිටපු කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් සිය සහකාරිය වූ කාසි බෙනට් සමග සෙන්ට් ලිඕ බෝල්ට් සහ තන්ඩර් බෝල්ට් යන නිවුන් දරුවන්ගේ උපත ප්‍රසිද්ධ කර තිබේ.
34 හැවිරිදි හිටපු ක්‍රීඩකයා තම වැඩුණු පවුලේ සිත් ඇදගන්නාසුලු ඡායාරූප කිහිපයක්ද ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා බෙදාගෙන තිබුණේ තම වැඩිමහලු දරුවා මෙන්ම අලුත උපන් නිවුන් දරු දෙදෙනාද ඊට එකතු කර ගනිමිනි.
30 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් වන කාසි බෙනට් තම දරුවන් තිදෙනා සමග උසේන් යනු ශ්‍රේෂ්ඨතම තාත්තා ලෙස නම් කර තිබුණේ, "ඔබ මේ පවුලේ පර්වතයයි. අපේ පුංචි දරුවන්ගේ ශ්‍රේෂ්ඨතම තාත්තායි. අපි ඔබට අනන්තවත් ආදරෙයි!" යනුවෙන්ද සඳහන් කරමිනි.
පවුලේ නව සාමාජිකයන් බ්ලැන්කට්වලින් ඔතා, පුංචි වේවැල් කූඩවල බහා ඡායාරූපවල දෙපස දැකගත හැකි අතර, වැඩිමහලු සහෝදරිය ඔලිම්පියා රන්වන් පැහැ ඇඳුමකින් සැරසී සිටියාය.
ආඩම්බර දෙමව්පිය යුවල වන උසේන් සහ කාසි තම දරුවන් තිදෙනා පිටුපස වාඩි වී සිටියහ. කාසි රන්වන් පැහැයෙන් යුතු දිගු ගවුමකින් සැරසී සිටි අතර, ඊටම ගැලපෙන ලෙස පසුබිමද අලංකාරවත් කර තිබුණි.
උසේන් සහ කාසි වසර හයක් පුරා එක්ව ජීවත් වන අතර, 2020 ජුනි මාසයේදී ඔවුන්ගේ පළමු දරුවා වන ඔලිම්පියා බෝල්ට් පිළිගත්හ.
මීටර් 100 සහ මීටර් 200 කෙටිදුර ධාවනයේ ලෝක වාර්තා තබා ඇති ජැමෙයිකානු මලල ක්‍රීඩකයාට ගෞරවයක් වශයෙන් ජැමෙයිකානු අගමැති ඇන්ඩෘ හොල්නස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන්ට සුබ පැතුම්ද එක්කර තිබුණි.