ලංකාවේ විශාලතම ශීතාගාරය දඹුල්ලට
එළවලු සහ පලතුරු ගබඩා කිරීම සඳහා මෙරට ඉදිවන විශාලතම ශීතාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා ඊයේ (17දා) පස්වරුවේ ඉන්දීය රජයේ නියෝජිතයින් සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය අවබෝධතා ගිවිසුමකට එළඹුණි.
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී අත්සන් තැබුණු මෙම අවබෝධතා ගිවිසුමට අනුව එළවළු සහ පළතුරු ගබඩා කිරීම සඳහා මෙට්‍රික් ටොන් 5000 ක ශීතාගාර සංකීර්ණයක් දඹුල්ලේ ඉදිකරන අතර ඒ සඳහා ඉන්දීය රජය විසින් යළි නොගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක ප්‍රදානයක් ලබාදෙයි.
මෙම අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධූ මහතා සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා අත්සන් තැබීය.
මෙම ශීතාගාර සංකීර්ණය දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පිහිටි අක්කර 07 ක නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක ඉදිකරයි. කොටස් අටකින් සමන්විතව ඉදිකරන මෙම ශීතාගාර සංකීර්ණය එළවළු සහ පළතුරු ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලතම ශීතාගාර සංකීර්ණය වන අතර එහි ඉදිකිරීම් ලබන මාර්තු මාසය පමණ විට අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

popular news
-
Champa Tuesday, 18 September 2018 04:21 PM
මේක මහින්ද ලංකා ආණ්ඩුවේ සල්ලි වලින් කරන්න හදපු ව්‍යාපෘතියක්. මහින්දගේ ව්‍යපෘති ඔක්කොම දැන් ඉන්දියාවට දෙනවා. ඉන්දියාව මේකට නිකම් සල්ලි දෙන්නේ නැහැ. සල්ලි දීපු හැම ව්‍යාපෘතියටම ඉන්දියාව අයිතිවාසිකම් කියනවා සහ පාලනය කරනවා. මේ අපේ දේශීය ව්‍යාපාරිකයෙක්ට දෙන්න තිබ්බ. මෝඩි මහින්දව ඉන්දියාවට ගෙන්න ගත්තට පස්සේ මේව කරන්න වහල් ආණ්ඩුව සැලසුම් කරලා තියෙනව කලින්. ඒ මොකොද පෙන්නන්න මහින්දගේ විරුද්ධත්වයක් නැහැ කියලා. මහින්ද බැසිල්ගේ උගුලට අහු වුන. බැසිල් කියන්නේ ඉන්දියන් ගැත්තෙක් වගේම රනිල් ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් කරලා දුර්වල කරන්න දාපු ඉත්තෙක්. මම කිව්වා සුබ්‍රමනියම් ස්වාමි මෙච්ච්චාර කාලෙකට පස්සේ අර වගේ ආරාධනයක් කරන්නේ නිකම් නෙමෙයි කියල. කලින් ආරාධනය පිලි අරන් හිටපු නිසා කරන්න දෙයක් නැතුව ඇති. ඒ වුනත් ආයේ ඒ වගේ උගුල වලට අහු වෙන්න එපා. බැසිල්ට ඊළඟ ජනාධිපතිවරණ ව්‍යාපාරය හසුරුවන්න් ඉඩ දෙන්න එපා, හිටපු ජනාධිපතිතුමා.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

