ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමට අළුතින් ආ සිවුහැවිරිදි Nam
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු විසින් ඒකාබද්ධව දියත් කරන ලද මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට දිර්ඝ කාලීනව අනුග්‍රහය ලබාදුන් එක්සත් ජනපදයේ මාර්ෂල් ලෙගසි ආයතනය (US-based Marshall Legacy Institute) ලබාදෙන දායකත්වය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් බෙල්ජියන් මලිනොයිස් වර්ගයේ සිවුහැවිරිදි ‘නම්’ යනුවෙන් හැඳින්වෙන සුනඛයෙකු ඉංජිනේරු බලකායේ මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ ඒකකය වෙත පසුගියදා භාරදෙන ලදී.
වර්ෂ 2015 මැයි මස 15 වන දින බොස්නියාවේ උපත ලද ‘නම්’ සුනඛයා උතුරු ඉරාකයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස සේවය කර ඇති අතර ‘නම්’ සුනඛයා ජාත්‍යන්තර බිම්බෝම්බ ඉවත් කිරීමේ පුහුණුකරුවෙකු වන ඇඩිස් පෙල්ටෝ මහතා විසින් දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව සුනඛයන් 8 දෙනෙකුගෙන් සමන්විත යුද්ධ හමුදා බිම් බෝම්බ ඉවත් කිරීමේ අංශය වෙත භාරදෙන ලදි.
යුද්ධ හමුදාධිපතිතුමන් සහ එක්සත් ජනපදයේ මාර්ෂල් ලෙගසි ආයතනය (US-based Marshall Legacy Institute) අතර පැවති පුළුල් අවබෝධතා සහ සුහද සාකච්ඡාවකදී ජාතික අවශ්‍යතාව සහ එහි තත්ත්වය පිළිබඳ සමාලෝචනය කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ප්රමුඛත්වයක් මත සහ කඩිනමින් සිදුකිරීම සඳහා මෙම සුනඛයා ත්‍යාගයක් ලෙස ලබාදුන්හ. මූලික නිරෝධායන ක්‍රියාපටිපාටිය නිමාවෙන් පසු, බූ ඔය පිහිටි ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ සුනඛයන් හැසීරවීමේ අංශය වෙත ඇතුලත් කර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පුහුණුකරුවකුට ‘කීකරුකම හා දිශානතිය’ පුහුණු කිරීමට ‘නම්’ සුනඛයාගේ රාජකාරී ඉටු කිරීමට පෙර භාරදෙන ලදී.
‘නම්’ සුනඛයා නිල වශයෙන් මානුෂිය බිම් බෝම්බ ඉවත් කිරීමේ ඒකකය වෙත භාරදීමේ උත්සවය පසුගියදා බූ ඔය ඉංජිනේරු බලසේනා මූලස්ථානයේදී සිදුවිය. එහිදි, ජාත්‍යන්තර බිම්බෝම්බ ඉවත් කිරීමේ පුහුණුකරුවෙකු වන ඇඩිස් පෙල්ටෝ මහතා විසින් යුද්ධ හමුදා ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එන්. අමරසේකර වෙත සුනඛයාට අදාළ ලේඛන භාරදුන්හ. තවද, මෙම අවස්ථාව යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී විය.
වාර්තාවන්ට අනුව, යුද්ධ හමුදා බිම් බෝම්බ ඉවත් කරමින් සිටින සෙබළුන් මේ වනවිට දිවයිනේ වැඩි ප්‍රදේශයක බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අවසන් කර ඇති අතර තවත් වර්ග කිලෝමීටර 25.61ක භූමි ප්‍රමාණයක් බිම් බෝම්බ ඉවත් කිරීමට නියමිතව ඇති බව ඉංජිනේරු බලසේනාධිපතිතුමන් පවසයි.


popular news
-
Champa Monday, 11 March 2019 05:35 PM
අවුරුද 10ක් ගිහිල්ලත් අපි තාම බිම් බෝම්බ ඉවත් කරනවා. ඒක්ම පේනවා LTTE එක මොන තරම් නම් බිම් බෝම්බ වළලලා තිබිල තියෙනවද කියල. ශ්‍රී ලංකා හමුදාව කරන මේ සද්කාර්යය ගැන ප්‍රචාරය මදි. හමුදාපතිතුමා මේ සුනඛයාට දෙන ප්‍රචාරය තමන් කරන විශිෂ්ඨ සේවාවට දුන්න නම් තමා හොඳ. :) බලන්න හමුදාව මෙහෙම බිම් බෝම්බ ඉවත් නොකලා නම් මොන තරම් ජීවිත නැතිවෙලා, මිනිස්සුන්ගේ ළමයින්ගේ කකුල් කැඩෙන්න තිබ්බද? ඒ ගැනයි කතා කරන්න ඕනේ. කොච්චර බිම් බෝම්බ ඉවත් කරලා තියෙනවද දැනට? ලෝකේ මේ වගේ බිම් බෝම්බ වලලලපු තවත් ත්‍රස්තවාදී සංවිධාන තියෙනවාද? ඊලඟට ලෝකේ මේ වගේ සද්ක්‍රියාවන් කීයෙන් කීයද කරලා තියෙන්නේ? බිම් බෝම්බ තහනම් කරන්න කියපු සංවිධානයකට සහයෝගයට ඩයනා කුමරිය ඇන්ගොලාවට ගියාට පස්සේ ශ්‍රී ලංකා හමුදාව තමයි මේ වගේ දෙයක් කරලා තියෙන්නේ. දැන් Geneva සමුළුව රැස්වෙන වෙලාවේ හරිනම් ඔබ හමුදාපතිතුමා බිම් බෝම්බ ඉවත් කිරීමට අවුරුදු 10ක් තිස්සේ ශ්‍රී ලංකා හමුදාව කරපු මෙහෙවර ගැන එක්කෝ ප්‍රදර්ශනයක් නැත්නම් අඩු ගානේ මාධ්‍ය හමුවක් තියල ඒ සද්කාර්යයට පුරෝගාමී වුනු හමුදා නිලධාරීවත් ඉස්සරහට ගෙනල්ල රටටයි ලෝකෙටයි කියන්න ඕනේ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

