ලංකාවේ ප්‍රථම LNG බලාගාරය හම්බන්තොටදී ලබන මස ඉදිකෙරේ
ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන මසදී (ඔක්තෝබර්) හම්බන්තොටදී ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ අදාල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි. ශ්‍රී ලංකාව චීනරජය සමග මෙම බලාගාරයේ ඉදිකිරීම් සිදුකරයි.
හම්බන්තොට ඉදිවන මෙම බලාගාරය මගින් මෙගාවොට 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතය. LNG විදුලි බලාගාරයන්හි පරිසර දූෂණ ඉතා අවම මට්ටමක පවතින බව සඳහන් වෙයි.

popular news
-
shantha Saturday, 29 September 2018 11:19 AM
රටට අවශ්‍යම බලාගාරයක් නමුත් බලශක්තියේ පුර්ණ අයිතිය ලක් රජය යටතේ ලංවිමට තිබිය යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

