ලංකාවේ ණය ශ්‍රේණිය පහළ නිසා ආයෝජකයන් එන්න අකමැතියි
මෙරට ගෑස් සහ ඛණිජ තෙල් කැනීම් කඩිනමින් සිදු කිරීමට හැකිද නැතිනම් ඊළඟ පාරම් පරාවට ඉතුරු කිරීමට කටයුතු කරන්නේද යන්න බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (23දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
2050න් පසු ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ බහුතරයක් රටවල් තෙල් භාවිතය අත්හැරීමට නියමිත බවත් ඒ අනුව මෙරට තිබෙන තෙල් හා ගෑස් සම්පත ඊලග පරම්පරාවට ගොඩ දාන්න ඉතිරි කිරීමට නොහැකි බවත් ඊට පිළිතුරු ලබා දෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය මූලික වෙන්දේසි කිරීම් එළැඹෙන මාර්තු මාසයේ ආරම්භ කරන්න බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් - අපි ඉපදෙන්නත් කලින් ඉදන් මේ රටේ ගෑස් සම්පත තිබෙනවා කියලා, ස්වාභාවික ඛණිජ තෙල් තිබෙනවා කියලා අපි අහලා තිබෙනවා. අපේ පාරම්පරාව ඇතුලෙත් ලංකාවේ ගෑස්, ඛණිජ තියෙනවා කියලා තමයි අපි අහලා තියෙන්නේ.
එහෙම නැතිව මේක පාවිච්චි කරන්න හම්බෙලා නෑ ඛණිජ තෙල් ගෑස් නිදිවලින්. එන හැම ආණ්ඩුවක්ම කිව්වා මේවා රටේ ජනතාවගේ පරිහරණය වෙනුවෙන් මේ කැනීම් සිදු කරලා ගන්නවා කියලා. අපේ මේ ආයු කාලයේ ඇතුලේ කැනීම් කරන්න පුලුවන් වෙයිද? එහෙම නැතිනම් ඊලග පරම්පරාවකට ඉතුරු වෙනවාද?
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල - 2015දී අත්සන් කළ පැරිස් සම්මුතිය අනුව 2050න් පසු ලංකාව ඇතුලු ලෝකයේ සාතිශය බහුතරයක් රටවල් තෙල් භාවිතය අත්හැරීමට නියමිතයි. ඒ නිසා අපේ තිබෙන තෙල් හා ගෑස් සම්පත ඊලග පරම්පරාවට ගොඩ දාන්න ඉතිරි කරන්න බෑ. අපි වහාම එය කළ යුතුයි. දැනට අපට ඒ සඳහා අවශ්‍ය මූලික වෙන්දේසි කිරීම් ලබන මාර්තු මාසයේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
දැනටමත් සමාගම් ගණනාවක් ගවේශන කටයුතු සඳහා ලංකාවට පැමිණ තිබෙනවා. අපි ප්‍රධාන අභියෝග තුනක් දකිනවා. පළමු අභියෝගය තමයි ලෝකය ඛණිජ තෙල් භාවිතයෙන් ඉවත් වන අවස්ථාවක ශ්‍රී ලංකාව ඛණිජතෙල් කර්මාන්තයට පැමිණෙන නිසා ආයෝජකයන් සොයා ගැනීමේ අභියෝගය.
දෙවැනි කාරණය කෝවිඩ් වසංගතය නිසා සමස්ථ ලෝකයේම අරමුදල් හිදිලා තිබෙන මොහොතක තමයි අපේ ශ්‍රී ලංකාවට දැවැන්ත ඩොලර් බිලියන ගණනක අයෝජනයක් බලාපොරොත්තුවෙන් ලෝකයට යන්නේ. තුන්වෙනි අභියෝගය තමයි ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල ඉතාම පහල මට්ටමක තිබෙන නිසා ශ්‍රී ලංකාවට ආයෝජකයන් පැමිණීමට දක්වන මැලිකම.

popular news
-
Kumar Tuesday, 23 November 2021 04:48 PM
Cheenaya oya wikunana muhudu theeraya aragena doopathak godanagayi. inpasuwa guwan thotupolak sadaa cheena guwan hamudawa ehi randawayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

