ලංකාවේ ඉංග්‍රීසි ඉගැන්වීමට ඇමෙරිකානු ගුරුවරුන්
දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව සංවර්ධනයට ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජනපදයේ සාම බලකායේ (US Peace Corps) ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට අවධානය යොමුව තිබේ.
මේ පිළිබඳව සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඇමරිකානු තානාපති අලෙයිනා බී ටෙප්ලිස්ට් මහත්මිය අතර ඊයේ (08දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.
ඇමරිකානු ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය 1960 දශකයේ සිට 90 දශකය දක්වා ලබා දෙමින් ඩෙලික් (DELIC) ගුරු පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. නැවතත් 2020 වසරේ සිට ඇමරිකානු ස්වෙච්ඡා ගුරුවරුන්ගේ සේවය ලබාදීමට කැමැත්ත පළ කර ඇති බැවින්, ඒ සඳහා පළමු අදියරේ දී ගුරුවරුන් 30 දෙනෙකුගෙන් ආරම්භව ගුරුවරුන් 150 ක් දක්වා ගුරු කණ්ඩායමක සේවය දුෂ්කර පළාත්වල සිසුන් සඳහා ලබාදීමට නියමිතය.
මුලින් ම ඌව සහ මධ්‍යම පළාත් දෙක සඳහා මෙම ගුරුවරුන්ගේ සේවය ලබා දෙන අතර එක් ගුරුවරයෙකුගේ ස්වේච්ඡා සේවා කාළය වසර 2 කි.

popular news
-
Champa Friday, 09 August 2019 02:59 PM
සම්පූර්නයෙන්ම විරුද්ධයි මේ වැඩේට. එක පැත්තකින් මේ එන්නේ ඇමරිකන් ඔත්තු කාරයෝ. ඒ වගේම ඉංග්‍රීසි උගන්වන මුවාවෙන් ඇමරිකන් සංස්කෘතිය සහ ඔවුන්ගේ ආගම ප්‍රචලිත කරනවා. ළමා මනස වෙනස් කරන්න ලෙහෙසියි. අනිත් පැත්තෙන් ලංකාවේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න පුහුණු කරන්න ඕනේ ලංකාවේ ගුරුවරුන්. ලංකාවේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න සුද්දෝ එන්න ඕනේ නැහැ. මම දන්න පුහුණු ඉංග්‍රීසි ගුරුවරියක් උගන්නපු ගමක ඉස්කෝලේ පන්ති වල දරුවෝ සිංහල භාෂාවට වඩා ලකුණු ගත්තේ ඉංග්‍රීසි භාෂාවට. වාර විභාග වලදී ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරේට ලකුණු 80 ගණන් 90 ගණන් ගන්නේ. කරන්න ඕනේ ලංකාවේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න සුද්දෝ එක්කන් එන එක නෙමෙයි, උගන්වන ක්‍රමය නිවැරදි කරන එක. ගුරුවරුන් පුහුණු කරන එක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

