Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජුලි මස 18 වන සිකුරාදා
2025 ජුලි මස 18 වන සිකුරාදා
මේ වන විට ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සහ ත්‍රස්තවාදි සහරාන් හෂීම්ගේ ජාතික තවුහිද් ජමාත් කල්ලිය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
එසේම ත්‍රස්තවාදී ක්‍රියා නැවත මෙරට තුළ ඇති නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා පවතින ක්‍රමවේදයන් ප්‍රතිව්‍යූහගත කරමින් ජනතාව සමග සංහිදියාවෙන් ඉදිරියට යා යුතු බවද ඊයේ (30දා) අම්පාරේ පැවැති උත්සවයකදී ඔහු පැවැසීය.
“වර්තමානය වන විට අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී කණ්ඩායම අපි ශ්‍රී ලංකාවෙන් තුරන් කර තිබෙනවා. ඒ වගේම ජාතික තවුහිද් ජමාත් ව්‍යාපාරයත් ශ්‍රී ලංකාවෙන් තුරන් කර තිබෙනවා. එම නිසා අනාගතයේ නැවත එවැනි තත්ත්වයක් ඇති නොවන ලෙස රටේ නීතිය ප්‍රතිව්‍යූහගත කළ යුතුයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව මම ආරක්ෂක අංශ මුණගැසුණා. ඔවුන් එදා සවස් වන විට ත්රස්තවාදීන් සම්බන්ධව අත්‍යවශ්‍යම කරුණු සොයා ගැනීමට සමත් වුණා. එහිදී අපේ ආරක්ෂක අංශ නිලධාරීන් තිදෙනෙකුගේ ජීවිත අපට අහිමි වුණා.
අමෙරිකාව, එංගලන්තය, ඕස්ටේ්රලියාව වැනි රටවල් ගණනාවක් පැවසුවේ මෙවැනි ත්‍රස්තවාදී කණ්ඩායමක් මෙතරම් ඉක්මනින් අත්අඩංගුවට ගත් රටවල් ස්වල්පය අතුරින් ශ්‍රී ලංකාව එකක් බවයි. සහරාන්ගේ ත්‍රස්තවාදී කල්ලියේ සිටි කොටසක් මේ වන විට අත්අඩංගුව ගෙන තිබෙන අතර අනෙක් පිරිස ජීවතුන් අතර නැහැ. ඔවුන් සමග සබඳතා පැවැත්වූ සහ උදව් උපකාර කළ පිරිස් ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර සබඳතා පැවැත්වූවන්ගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටිනවා. ජාතික තවුහිද් ජමාත් සංවිධානයට අද කිසිඳු බලයක් නැහැ. ඒවාට අද බිය විය යුතු වන්නේ ද නැහැ.
සෝදිසි මෙහෙයුම්වල දී සැකපිට පොලිස් භාරයට ගෙන, එම සිද්ධීන්ට සම්බන්ධ නොමැති බව තහවුරු කර ගත් මුස්ලිම් ජනතාව මේ වන විට නිදහස් කරමින් සිටිනවා.
එම නිසා අසත්‍ය ප්‍රචාර පතුරවමින් ජනතාව බිය ගැන්වීමෙන් ඵලක් නැහැ. ආරක්ෂක හමුදා සහ පොලිසිය අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. සහරාන්ගේ ජාතික තවුහිද් ජමාත් ත්‍රස්තවාදී කල්ලිය අවසන් කර තිබුණත් රටට ඇති බලපෑම එතැනින් අවසන් යැයි කිව නොහැකියි. මෙම කල්ලිය එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙන් විශාල සංවිධානයකින් මෙහෙය වන කණ්ඩායමක් නොවෙයි. ඔවුන්ට දේශපාලන අරමුණක් නැහැ. ඔවුන්ගේ අරමුණ මරාගෙන මැරීම පමණයි. දෙතුන් දෙනෙක් එකතු වුවත් මරාගෙන මැරෙන්න පුලුවන්. එම නිසා එක් කණ්ඩායමක් විනාශ වීමෙන් තවත් කණ්ඩායමක් ඇති විය හැකියි.
වත්මන් ත්‍රස්තවාදය පාලනය කිරීමට අපට දැන් තිබෙන නීති ප්‍රමාණවත් නොවන බව මා නැවතත් පවසනවා. හදිසි නීතිය ඉවත් කිරීමට පෙර මේ සඳහා නව නීති පද්ධතියක් අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳව මේ වන විට අවධානය යොමු කර ඇති බව නීතිපතිවරයා ද පවසා තිබෙනවා.”
popular news
sam Friday, 31 May 2019 09:07 PM
gon katha kiyanne epa
Reply : 0 70
Champa Saturday, 01 June 2019 08:32 PM
බොරුවක්. ලංකාවේ ISIS ත්රස්තවාදයක් තිබ්බේ නැහැ. ඒක ඇමරිකාව, මේ රටට ගෙන්න ගන්න කියපු බොරුවක්. අනිත් එක NTJ ඉවරත් නැහැ. වහල් ආණ්ඩුව NTJ ඉවර කලේ නැහැ. ඔවුන් මරාගෙන මැරුණා. අනික මරාගෙන මරුනේ NTJ කල්ලිය නෙමෙයි. ඒ කල්ලියේ මරාගෙන මැරෙන කණ්ඩායම විතරයි. ඔවුන්ගේ කල්ලිය සුළු පිරිසක් නෙමෙයි. ඔවුන් මුළු රට පුරාම agents දාල තියෙනවා. නමුත් දැන් NTJ නායකයා මරුන නිසා ඔවුන්ට නායකත්වයක් නැහැ. හැබැයි කණ්ඩායම ඉන්නවා. ඔවුන් නැවත ප්‍රහාරයකට යන්නේ නැති වුනත් මේ වැටලීම් දිගටම කරගෙන යන්න ඕනේ. අත්අඩංගුවට අරන් තියෙන්නේ ඒ කණ්ඩායම සහ සහය දෙන්නන්. ඔවුන් කොහොමද එකපාරට නිදහස් කරන්නේ? NTJ කණ්ඩායමේ ඉතුරු ටික අත් අඩංගුවට ගත්තේ ඔවුන් ගැන සියලු විස්තර ආණ්ඩුවට වේලාසන පටන්ම තිබ්බ නිසා. අමෙරිකාව, එංගලන්තය, ඔස්ට්‍රලියාව පුදුම වෙන්න ඕනේ ත්‍රස්තවාදී කණ්ඩායමක් ගැන මේ තරම් පරිපූරණ විස්තර තිබිලත් ඔවුන් බෝම්බ පුපුරුවාගෙන මිනිස්සු 300 ගානක් මරලා 500 ගානකට තුවාල සිද්ධ කරනකම් ආණ්ඩුව කිසිදු පියවරක් නොගත්ත එක ගැන. වහල් ආණ්ඩුව එහෙම කලේ ඊට පස්සේ ජාතිවාදී කලබල ඇති වෙයි කියන බලාපොරොත්තුවෙන්. වැඩේ වුනේ නැහැ. දැන් තොප්පිය හරවල.
Reply : 0 12
Champa Saturday, 01 June 2019 08:58 PM
දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කිසි වැරැද්දක් නැහැ. අනිත් එක ලකාවේ කිසි මිනිහෙක් වහල් ආණ්ඩුව විශ්වාස කරන්නේ නැහැ. අලුත් පනතක් ගෙනාවොත් ඒකත 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වගේ පෙන්නන්නේ එකක් අන්තිමට සම්මත කරගන්නේ හාත්පසින්ම වෙන එකක් වෙන්න පුලුවන්. ඊළඟ අලුත් පනතේ වගන්ති ඔක්කොම ජාත්‍යන්තරයට ඕනේ විදිහට ලංකාවට කවදාවත් ත්‍රස්තවාදයෙන් ගැලවෙන්න බැරි විදිහට ලේ පිපාසිත ත්රස්තවාදීන් විසින් මරණයට ලක් කරන මිනිස්සුන්ටත් නැති තරම් පුළුල් විදිහට ඔවුන්ට මානව අයිතිවාසිකම් දෙන්න හදපු ත්‍රස්ත හිතවාදී පනතක්. පහුගිය අවුරුදු 4 පුරාම සම්මත කරපු සියලු පනත් මේ ආකාරයේ භයානක පනත් විය යුතුයි. ඇත්ත පනතේ තියෙන්නේ මොනවාද කියල පාර්ලිමේන්තුවේ කිසි කෙනෙක් දන්නේ නැහැ. එහෙම හොයන්න විමල් වීරවංශ වගේ මන්ත්‍රීවරයෙක් හැරුනහම වෙන කිසි කෙනෙකුට උවමනාවකුත් නැහැ. ඒ හින්ද වහල් ආණ්ඩුව රට ඉතා අහිතකර, විනාශකාරී පනත් සම්මත කරගෙන තියෙනවා. ඔය අලුත් ත්‍රස්ත හිතවාදී පනතට රටම විරුද්ධයි. නැවත පාර්ලිමේන්තුවට එන්න අදහසක් නැති මන්ත්‍රීවරුන්ට පුළුවන් ඔය පනතට පක්ෂ වෙන්න.
Reply : 0 1
Champa Saturday, 01 June 2019 10:21 PM
හා මට දැන් නේ තේරුනේ වහල් ආණ්ඩුවේ අගැමති මේ එක පාරටම "ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සහ ත්‍රස්තවාදි සහරාන් හෂීම්ගේ ජාතික තවුහිද් ජමාත් කල්ලිය සම්පූර්ණයෙන්ම අවසන් කළා" කියල කියන්නේ මොකොද කියල. මේ කියන්නේ රාමසාන් වලට support එකට. වෙසක් එකට ඉස්සෙල්ල බොරු බෝම්බ ප්‍රචාරයක් යැව්වා. ඊට පස්සේ ජාතිවාදී ගැටුම් ඇති කළා 13 වෙනිදා. සියලු වීථි තොරණ වෙසක් කූඩු නැවැත්තුව. දන්සල් නැවැත්තුව. දැන් එකපාරටම "ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සහ ත්‍රස්තවාදි සහරාන් හෂීම්ගේ ජාතික තවුහිද් ජමාත් කල්ලිය සම්පූර්ණයෙන්ම අවසන් කරලා." එහෙම වුනේ කොහොමද? රටේ තත්වය ගැන කියලා එහෙනම් රාමසාන් උත්සවත් නවත්තන්න එපෑය. දන්සල් තොරණ වලට විතරද නීති. බෞද්ධයන්ට මේ තරම් කුඩුකේඩුකම් විරුද්ධකම් කරපු ඉතිහාසයක් තවත් නැහැ. මේ සිංහල බෞද්ධ රටේ බෞද්ධයන්ට හැර අනිත් සියලු ආගම් වලට ආගම අදහන්න නිදහස තියෙනවා. බෞද්ධයන්ට විතරක් රජය විසින්ම ඉතා අසාධාරණ නීති පනවනවා. දැන් රුවන්මැලි සෑය වටකරලා අලි වැටකුත් ගහන්න යනව.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd