ලංකාවට චීනයෙන් තවත් නෞකාවක්
මහජන චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජය වෙත පී - 625 නැමැති නෞකාව පිරිනැමීම පසුගියදා චීනයේ ෂැංහයි නුවර පිහිටි නාවික තඨාකාංගණයේ දී සිදු විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුතැන්නගේ මහතා සහ මහජන චීන සමූහාණ්ඩුව වෙනුවෙන් උපකරණ සහ තාක්ෂණික සහයෝගිතා කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ෆැන් ජීයෑන්ජුන් යන මහත්වරුන් ඇතුළු දෙරටේ විශාල නියෝජිත පිරිසක් සහභාගී වූහ.
මෙම නෞකාව 1994 වසරේ නිෂ්පාදනය කර ඇති අතර , එහි ධාරිතාවය මෙට්‍රික් ටොන් 2300 කි . මෙම යාත්‍රාව දිගින් මීටර් 112 ක් වන අතර , එහි පළළ මීටර් 12.4 කි . මෙම නෞකාවේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු නාවිකයන් 110 ක් රාජකාරී කිරීමට නියමිතය.
නෞකාව ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදු කළාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් , සාගර සම්පත් ආරක්ෂා කිරීම , නාවික කටයුතු වල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් නිරත කිරීමට අපේක්ෂා කෙරේ.
නෞකාව මෙම ජූනි මස 14 වැනි දින චීනයේ ෂැංහයි නුවරින් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිත අතර , එය ජුනි මස අග භාගය වන විට කොළඹට ළඟා වීමට නියමිතය.
කටුනායක කපිල

popular news
-
රජින්ද Sunday, 09 June 2019 01:06 PM
පව් අප්පා අපේ රට ලෝකෙම තියෙන පරණ හම්පඩ කුණු ඔක්කොම මෙහෙට පරිත්‍යාග කරනවා. අපේ එව්වොත් ආඩම්බරයෙන් ගිහින් ඒවා බාර ගන්නවා. ගජබා රජ්ජුරුවෝ මෙහෙන් නැව් හදලා ඉන්දියාවට ගිහින් ගේම දීලා ආවේ. එහෙව් රජතුමාගේ නම දාලා අර අමෙරිකාවෙන් මෙහෙට එවාපු පරණ නැවකට මොන රටවල්ද මෙව්වා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

