ලංකාවට අඛණ්ඩව ආරක්ෂක උපකරණ හා පුහුණුව දෙනවා
ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි චීනය අඛණ්ඩව ශ්‍රී ලංකා හමුදාවට සහ පොලීසියට පුහුණුවීම් හා ආරක්ෂක උපකරණ ලබා දෙන බවත් චීනයේ ආධාරවලට දේශපාලන කොන්දේසි නොමැති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.
චීන මහජන විමුක්ති හමුදාවේ 92 වැනි සංවත්වත්සරය වෙනුවෙන් ලිපියක් ලියමින් ඔහු මේ බව සඳහන් කරයි.
චීනය කිසියම් රටකට ආරක්ෂක ආධාර ලබාදෙන්නේ ඒ රටේ අභ්‍යන්තර කටයුතුවලට බාධාවක් නොවන ලෙසින් එම රටේ ආරක්ෂාක හැකියාව වර්ධනය කිරිමට බවත් ඔහු පවසයි.
ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආරක්ෂාව තර කිරීමට චීනය පූර්ණ සහාය දක්වන බවද තානාපතිවරයා සඳහන් කරයි.
2018 දෙසැම්බර් මාසයේදී චීනයේ ආධාර අනුව පූර්ණ පහසුකම් සහිත ශ්‍රවණාගාරයක් යුද හමුදාවට ලබාදුන් බවත් පසුගිය මාසයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට චීනය විසින් නෞකාවක් ලබාදුන් බවත් ඔහු ප්‍රකාශ කරයි.
අප්‍රේල් 21 වන දා එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 20 කට වැඩි පිරිසකට හදිසි ත්‍රස්ත විරෝධී පුහුණුවක් චීනය ලබාදුන් බවත් ජාතික ආරක්ෂාව වෙනුවේන අවශ්‍ය ආරක්ෂක උපකරණ සහ පොලිස් වාහන කිහිපයක්ද චීනය පරිත්‍යාග කළ බවත් ඔහු සඳහන් කරයි.
චීනය රටවල් 150 කට වැඩි සංඛ්‍යාවක් සමඟ ආරක්ෂක සබඳතා ඇතිකරගෙන ඇති බව පවසන තානාපතිවරයා රටවල් 41 ක් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ආරක්ෂක උපදේශන හා සංවාද යාන්ත්‍රණ 54 ක් ක්‍රියාත්මක කර ඇති බවත් පවසයි.
චීන හමුදාව ජාත්‍යන්තර හා කලාපීය ආරක්ෂක සහයෝගීතාව සක්‍රීයව ප්‍රවර්ධනය කරමින්, සැලකිය යුතු ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ගැටලු විසඳීමට කටයුතු කරන බවත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හා මානුෂීය ක්‍රියාකාරකම්වල දී මහජන විමුක්ති හමුදාව සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බවත් තානාපතිවරයා පවසයි.
1990 සිට චීන හමුදාව එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් 24 කට සහභාගී වෙමින් සාම සාධක හමුදා සාමාජිකයින් 39,000 කට වැඩි පිරිසක් පිටත් කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙක් වන චීනය සාම සාධක හමුදාවේ දෙවන විශාලතම මූල්‍ය දායකයා බවත් චෙංග් ෂියුආන් මහතා පවසයි.
චින මහජන විමුක්ති හමුදාව 1927/08/1 දා ස්ථාපිත කළ අතර ඊයේ දිනයට චීන මහජන විමුක්ති හමුදාවේ 92 වැනි සංවත්සරය යෙදී තිබුණි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

