ලංකාව සමග සිදු කරන ගනුදෙනුවලදී සැඟවුණ න්‍යාය පත්‍ර චීනයට නැහැ
ශ්‍රී ලංකාව සමග චීනය ගනුදෙනු කිරීමේදී සැඟවුණු න්‍යාය පත්‍ර මත කටයුතු නොකරන බවත් දෙරටේ ජනතාවට ජයග්‍රහණ ලබාගත හැකි ආකාරයට සියලුම කටයුතු පාරදෘශ්‍ය භාවයෙන් සිදු කරන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් ෂුයෑන් මහතා පැවසීය.
ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය සංවිධානය කළ 69 වැනි චීන ජාතික දින සැමරුම් උත්සවයට එක්වෙමින් තානාපතිවරයා මෙම අදහස් පළ කළේය.
"දෙරට අතර සිදුවන ඕනෑම ව්‍යාපෘතියක ප්රතිලාභ දෙරටේම ජනතාවට ලැබිය යුතුයි. ඒ හරහා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය උසස්වනු දැකීම අපේ අභිලාෂයයි. එසේම මෙම කිසිදු ව්‍යාපෘතියකදී දේශපාලන මැදිහත්වීමක් නොමැති බව ඔබට දැන්විය යුතුයි. චීනය කිසිදු රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමක් කරන්නේ නැහැ." යැයිද මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා පවසා සිටියේය.
ශ්‍රීලංකාවේ චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා චීන මිත්රසංගම්වල දායකත්වයෙන් ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය සංවිධානය කළ 69 වැනි චීන ජාතික දිනය සැමරුම් උළෙල පසුගිය සිකුරාදා (28දා) සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජ්‍යාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පැවැත් වුණි.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ














popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

