ලංකාව ගැන රාජතාන්ත්‍රිකව කටයුතු කරන්න හදිසි වෙන්න එපා - කරු
ශ්‍රී ලංකාවට එරෙහි කිසියම් හෝ රාජතාන්ත්‍රීක ක්රීයාමාර්ගයන්ට යොමු වීමට ඉක්මන් නොවන ලෙස කථානායක කරු ජයසූරිය මහතා විදේශීය රාජ්යත්රාන්තිකයන්ගෙන් ඉල්ලූ බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
විදේශීය රාජ්යත්රාන්තිකයන් කිහිප දෙනෙක් අද (31දා) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී කථානායකවරයා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර ඇත. වෙත පැමිණි
එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හැනා සින්ගර්, යුරෝපා සංගම් තානාපති මාර්ගියු, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩව්රිස්, කැනඩා තානාපති ඩේවිඩ් මැකින්නොන්, ජර්මානු තානාපති ජෝන් රෝඩ් යන පිරිස කථානායකවරයා හමුවී තිබේ.
මෙහිදී කථානායකවරයා සඳහන් කර ඇත්තේ අද පස්වරුවේ තමා ජනාධිපතිවරයා හමුවීමට අපේකෂා කරන බවත් එහිදී පැනනැගී ඇති තත්වයට ව්‍යවස්තානුකූලව සහ ප්‍රජාතන්ත්‍රවාදීව විසඳා ගැනීමට අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකාවේ සිදුව ඇති අනපේකෂිත දේශපාලන පරිවර්තනය පිළිබඳව මෙම නියෝජිත පිරිස කනස්සල්ල පළ කල බවත් මේ හරහා ලංකාවට මුහුණ දීමට සිදු විය හැකි අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව පෙන්වා දුන් බවත් කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

popular news
-
සෙනෙවි Wednesday, 31 October 2018 06:23 PM
බටහිරට ගැති රූකඩ විනාශ කර දැමිය යුතුයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

