ලංකාව ඉන්දියානු සාගරයේ වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානයක් කිරීම අපේක්ෂාවයි
ආණ්ඩුවේ ඉදිරි ආර්ථික උපායමාර්ගික සැලැසුම වන 'විෂන් 2025' යටතේ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අපේක්ෂා කර ඇති බවත්, එය යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා වරායන් හා ගුවන්තොටුපළවල් අන්තර්ජාතික වශයෙන් සම්බන්ධ කෙරෙන ලෙස නවීකරණය කරමින් පවතින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.‘
%ඉන්දියානු සාගරය: අපගේ අනාගතය නිර්වචනය කිරීම’ යන්න තේමා කරගත් ඉන්දියානු සාගරය ආශ්රිත හා ඉන් ඔබ්බෙහි වන රටවල් 40ක නියෝජිතයන් සහභාගි වන දෙදින අන්තර්ජාතික සමුළුවේ සමාරම්භක උත්සවයඅද (11දා) ආරම්භ කරමින් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේය.
අග්‍රාමාත්‍යවරයාගේ මුල පිරීමකට අනුව අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්රායික අපරාධ වැඩසටහන එක්ව සංවිධානය කළ මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ව සිටියේය.
"80%ක්ම අන්තර්ජාල සබඳතා රැගෙන යන්නේ මුහුදු පතුලේ එලන කේබල් මගින්. වර්තමානය වනවිට බොහෝ රටවල ආර්ථික හා සමාජීය යහපැවැත්ම රඳාපවතින්නේ අන්තර්ජාල සබඳතා මතයි. මේ හේතුව නිසා මුහුදු පතුල පාලනයෙන් ගිලිහුණු කේබල් පද්ධති හරහා අවුල් ජාලාවක් බවට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ මධ්‍යගතව පිහිටීම නිසා ඒ පිළිබඳ ගැඹුරෙන් සලකා බැලීමට අවශ්‍යතාවක් මතුවෙනවා. මේ සඳහා සමුදුරු පතුලේ එළන කේබල්වල ආරක්ෂාව සඳහා සුවිශේෂී වූ අන්තර්ජාතික මධ්‍යස්ථානයක් කොළඹ නගරයේ ස්ථාපිත කිරීම අපට අවශ්‍යව තිබෙනවා.
මේ සඳහා අපි එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රික අපරාධ වැඩසටහන සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කරගෙන යනවා. මෙම මධ්‍යස්ථානය සඳහා තාක්ෂණික හා බුද්ධිමය දැනුම ලබාදෙන්නට සහයෝගය ලබාදෙන ලෙස මේ අවස්ථාවට එක්ව සිටින සියලුම රාජ්‍ය නියෝජිතයන්ට ආරාධනා කරන්න අපි කැමතියි" යනුවෙන් කියා සිටියේය.




popular news
-
Champa Thursday, 11 October 2018 06:16 PM
වරාය ගුවන් තොටුපොළවල් කොහොමත් අන්තර්ජාතික වශයෙන් සම්බන්ධයි. මුහුදු පතුලේ තියෙන්නේ fibre optic cables. මේවා monitor කරන්න පුළුවන් submarine වලින් වුනත්. මේක අනිවාර්යයෙන්ම ඇමරිකාවෙන් හෝ එංගලන්තයෙන් වගේ බලගතු රටක් කරපු යෝජනාවක් වෙන්න ඕනේ. මේ කේබල් monitor කරන මධ්‍යස්ථානයකට අනිත් රටවල් අවශ්‍ය නැහැ. මේක අපිට කරන්න පුළුවන් දෙයක්. විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලගෙන කියවන්න Law of the Sea Treaty එක. මේක යටතේ අපි කරන්න ඕනේ Protection of Underwater Cables කියලා පනතක් සම්මත කරගන්න එක. ඒ මොකොද කිව්වා නම් නැව් වගේම ධීවරයන් භාවිතා කරන trawlers, දැල්වලින් වුනත් මේ කේබල් වලට හානි වෙන්න පුළුවන්. Law of the Sea Treaty එක අනුව අපේ territorial sea (12 nautical miles) EEZ (200 nau. miles) සහ ECS (extra 150 nau. miles) ඇතුලේ ඕනේ දෙයක් කරන්න අපිට අයිතියක් තියෙනව. ඊළඟට තියෙනව Maritime Safety
Reply : 0 0
Champa Thursday, 11 October 2018 06:28 PM
කිසිම රටක් මේ monitor කිරීම් කරන්න වෙන රටවලට දෙන්නේ නැහැ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න නිසා. ඇමරිකාවේ මේවා monitor කරන්නේ Defense, CIA, Army Navy Engineers ලා. හදිසියෙන් වත් මේ මුහුදු පතුලේ කේබල් කැඩිලා කියලා පෙන්නුම් කලොත්, මුහුදේ තැන තැන වල නවත්තල තියෙන මේවා repair කරන Charter Vessels කියලා ජාතියක් තියෙනව ඒ ගොල්ලන්න්ට පණිවුඩයක් දෙනවා. එතකොට ඒ ගොල්ලෝ ගිහින් repair කරනවා. කිසිම රටකට repair කරන වැඩේ කරන්න බැහැ. මේ vessels වලින් තමයි කරන්නේ. මේ ටික ලිව්වේ මේ "සමුදුරු පතුලේ එළන කේබල්වල ආරක්ෂාව සඳහා සුවිශේෂී වූ මධ්‍යස්ථානය" වෙන රටවලට දෙන්න එපා කියන්න. මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඇමරිකාවට සහ එංගලන්තෙට චීනේ ගැන සහ රුසියාව ගැන. මේ කතාව ඇවිල්ල තියෙන්නේ ඒකයි. මේක හරහා අපේ රටේ ආරක්ෂාවට අත පෙවීමක් වගේම නිරපරාදේ ලෝක බලවතුන්ගේ බල අරගලයකට ඉල්ලලා අහු වෙන්න යනවා. මෝඩ වැඩ කරන්න එපා.
Reply : 0 0
Champa Thursday, 11 October 2018 06:36 PM
කතාවේ හැටියට නම් ලංකාව ඉන්දියන් සාගරයේ වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් නම් නෙමෙයි ලංකාව ඉන්දියන් සාගරයේ සූරාකෑමේ මධ්‍යස්ථානය බවට පත් කරන්න වගේ හදන්නේ. අපේ සම්පත් මංකොල්ල කන්න කියල ආරාධනාම කරනවා. ඉස්සර වටේ තිබ්බ රටවලින් ආවේ මුහුදු මංකොල්ලකාරයෝ. ලංකාව කියන්නේ නිරන්තර මුහුදු මංකොල්ල කරුවන්ගේ ආක්‍රමණ වලට ලක්ව රටක්. අපේ රජවරු රට ස්වයං පෝෂිත කරන ගමන් මේ මුහුදු මංකොල්ලකරුවන් එක්කත් සටන් කළා රටේ සම්පත් බේරා ගන්න. දකුණු ඉන්දියානු විතරක් නෙමෙයි සියම, ජාවා, වගේ රටවලිනුත් ඊට පස්සේ පෘතුග්‍රීසි ලන්දේසි ඉංග්‍රීසි ජාතිකයනුත් ඇවිල්ල අපේ සම්පත් කොල්ල කෑව. මුතු මැණික්, පුරාවස්තු, රන්කාසි, අවි ආයුධ, වටිනා රෙදිපිළි, කෞතුක භාණ්ඩ නැව් පුරවල අරන් ගියා. දැන් මේ ආණ්ඩුව කරන්නේ මුහුදු මංකොල්ලකාරයෝයි සුදු ජාතික ආක්රමණිකයොයි කරපු වැඩේ. අපේ කියල තියෙන හැම දෙයක්ම විදේශිකයන්ට දෙනවා. ඇත්තටම මම හිතන්නේ රනිල් සහ මෛත්‍රී මැරිලා ඉපදිච්ච පරණ සුද්දෝ දෙන්නෙක්. එහෙම නැත්නම් මැරිලා ඉපදිච්ච මුහුදු මංකොල්ලකාරයෝ දෙන්නෙක්. නැත්නම් මේ තරම් මොකක්ද මේ ලංකාව කොටස් වශයෙන් විදේශිකයන්ට මංකොල්ල කන්න දෙන්න තියෙන උවමනාව?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

