ලංකා කම්කරු එක්සත් පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අද (05) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කටයුතු කිරීම සඳහා එකඟතාවය පල කළේය.
වතුකරය කේන්ද්‍ර කරගනිමින් දේශපාලනයේ යෙදෙන ලංකා කම්කරු එක්සත් පෙරමුණ ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කිරීමට බලාපොරොත්තු වන බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් එස්. සතාසිවම් මහතා මෙහිදී පැවසීය.
