ලංකා ඉතිහාසයේ පහයි, දයයයි වැඩිපුර
ජීවන වියදම ඉහළ ගොස් ඇති නිසා ජනතාව ආණ්ඩුවට එරෙහිව පාරට බැස ඇති බවත් තමන්ට වැරදුන බව ජනතාව ප්‍රකාශ කරන බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය. අධිකරණයෙන් පිටතදී මාධ්‍යවේදින් අමතමින් ඔහු මේ බව කීය.
" මේ උද්ඝෝෂණ ඔක්කොමෙන්ම පෙනී යන්නේ ගමේ ඉන්න ජනතාව හා රාජ්‍ය සේවකයාගේ පීඩනය, ජනතාවට දරා ගන්න බෑ.ජීවන වියදම ඉහළ ගිහිල්ලා. අධික බදු. මේ බදු කොහෙන් ගියත් අන්තිමට යන්නේ ජනතාවගේ උඩින්. ජනතාවට අමාරුයි.
ඒ නිසයි ජනතාව එළියට ඇවිත් උද්ඝෝෂණ කරන්නේ. ඒ නිසා ආණ්ඩුව ජනතාව හා වෘත්තීය සමිති කියන දේවල්වලට ඇහුම්කන් දිය යුතුයි. මේක මුරණ්ඩුයිනේ, උද්ධච්ඡ කමෙන් වැඩ කරන්නේ. මේ අයනේ අවුරුදු තිහ හතළිහක් උද්ඝෝෂණ කළේ, උද්ඝෝෂණ පුරුදු කළේ. අපි ආයෙත් එනවා.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැඩ රාශියක් කරලා පැරදුනේ. ලංකා ඉතිහාසයේ පහයි, දයයයි වැඩිපුර. මේ අය කිසි වැඩක් කරන්නේ නෑ. දැන් යන්න අමාරුයි. කතාවල් හරි ලේසියි පාලනය අමාරුයි කියලා මේ අයට තේරිලා. අපි පාලනය කළා. ජනතාව කියන්නේ වැරදුනා කියලා. "
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
