රූමස්සල කඳුවැටියේ ගල්පරවල වැදි අනතුරකට ලක්ව ඇති ශ්‍රී ලංකා ග්ලොරි නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාව එම ස්ථානයෙන් ඉවත් කළ හැක්කේ නෞකාවේ කොටස් ගලවා හෝ කපා ඉවත් කිරීමෙන් පමණක් බව සමුද්‍රජීවි පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පවසයි.
සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනතට අනුව මෙකී නෞකාව මෙම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස අදාළ නැව් සමාගමට දැනුම් දුන් බවද ටර්නි ප්‍රදිප් කුමාර මහතා සඳහන් කළේය.
අනතුරට ලක්ව ඇති නෞකාව මුහුදෙන් පාකරගෙන යාමට හෝ ටග් යාත්‍රා මගින් ඇද ගැනිමට නොහැකි බවත් එසේ කිරීමට නම් නැවත සුනාමි තත්ත්වයක් ඇතිවිය යුතු බවද සමුද්‍රජීවි පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරිවරයා ප්‍රකාශ කළේය.
ජිනේෂ් නානායක්කාර
