රු බි 3.99ක පොහොර ප්‍රසම්පාදනය කරයි
අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත ලංකා පොහොර සමාගම සඳහා සහ සීමාසහිත කොලඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා පොහොර ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලැබී තිබේ.
මේ සඳහා වැයකිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 3.999ක් වෙයි. මේ සඳහා මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළේය.
ඒ අනුව යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 47 700ක් මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 268.90 ක් බැගින් ඇග්‍රී ෆර්ට්ලයිවන් ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්ද,
ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 15000ක් මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 262.74 ක් බැගින් වැලන්සි ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්ද,
මියුරියේට් ඔෆ් පොටෑසියම් මෙට්‍රික් ටොන් 13600ක් මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 317.25 ක් බැගින් ඇග්‍රී කොමෝඩිටීස් ඇන්ඩ් ෆයිනෑන්ස් වෙතින්ද,
සීමාසහිත ලංකා පොහොර සමාගම වෙත යූරියා (ප්රීල්ඩ්) මෙට්‍රික් ටොන් 3060 ක් මෙට්‍රික් ටොන් 1ක් ඇමෙරිකානු ඩොලර් 285.00 බැගින් ඇග්‍රී කොමෝඩිටීස් ඇන්ඩ් ෆයිනෑන්ස් වෙතින්ද ලබාගැනීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
