රිටිගල රක්ෂිතයේ මහා පරිමාණ වන විනාශයක්
රජයේ ඉඩමක දසවසරක් භුක්ති වින්ද හොත් සින්නක්කර ඔප්පුව ලබාදෙන රජයේ වැඩසටහනට යටතේ ඉඩම් ලබාගැනීමේ අරමුණ ඇතිව ව්‍යාජ ලෙස රජයේ රක්ෂිත අත්පත් කරගන්නා මහා පරිමාණ ජාවාරමක් ඓතිහාසික රිටිගල කඳු පාමුල ගනේවල්පොළ කඳුබොඩ ප්‍රදේශයේ දී මේ දිනවල ක්‍රයාත්මක වන බව ප්‍රදේශවාසීහු පවසති .
කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගනේවල්පොළ රිටිගල කඳු පාමුල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කඳුබොඩ ප්‍රදේශයේ ඉතා රහසිගතව කණ්ඩායමක් විශාල ගස් වැල් කපා දමා රිටිගල රක්ෂිතය හෙළිපෙහෙළි කොට ගිනි තබමින් සිටින බවට ඉතා රහසිගත තොරතුරකින් වාර්තා විය.
ඒ අනුව අද (9) වැනි දින දහවල් එම ස්ථානයට යන විටත් වීශාල භූමි ප්‍රමාණයක් වනය විනාශ කොට ගිනි තබා තිබෙන අතර වීශාල භූමි ප්‍රමාණයක් හෙළිපෙහෙළි කොට මේ වන විට කජු පැළ සිටුවා භුක්තිය ඔවුන්ගේ සතුකර ගැනීමේ ක්‍රියාවලිය දැක ගැනීමට හැකියාව ලැබිණි.
එයට සමගාමීව රිටිගල රක්ෂිතයේ ඉපැරණි ගස්කොළන් සියල්ල කපා ගිනි තබා විනාශ කරමින් ඉඩම් හෙළිපෙහෙළි කරන ආකාරය විවිධ ඉදිකිරීම් සඳහා අඩිතාලම් කපා ගඩොල් රක්ෂිතයේ ගෙනැවිත් දමා තිබෙන ආකාරයද එහි ගිය විට දැකගන්න හැකියාව ලැබේ.
රක්ෂිතයේ පිහිටි ඉතා වටිනා රූක්ෂ ගස් මුල්වලට ගිනි තබා ඒවා ද විනාශ කිරීම මෙම ජාවාරම්කරුවන් විසින් ඉතා ජයටම සිදුකෙරෙන යන ආකාරය ද රක්ෂිතයට ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබීම විශේෂත්වයකි.
මේ වනවිටත් ස්ථාන හයක පමණ අක්කර 50කට වඩා වැඩි ප්‍රමාණයක් මෙසේ අත්පත් කරගෙන ඇතිබව ප්‍රදේශවාසීහු කියති .
දඔුල්ල - කාංචන කුමාර ආරියදාස

popular news
-
Champa Wednesday, 10 July 2019 09:14 AM
ඔව් මේ කතාව ඇත්ත. රනිල් ඉඩම් පනත ගේනවා කිව්වා විතරයි එක පාරට රක්ෂිත කැලා අක්කර හාර පන්සීය ගිනි තියන්න ගත්ත හැම තැනම රනිල්ගේ අනුදැනුම ඇතුව. (රිටිගල මං හිතන්නේ අක්කර 500ක් ගිනි තියල) මහා ලොකුවට කයිවාරු ගහන ජනාධිපති තමයි පරිසර ඇමති. හැබැයි එයාගේ අගමැති කරන දේවල් දන්නේ නෑ වගේ ඉන්නවා. පහුගිය දවස් ටිකේ කොච්චර කැලා ඉඩම් ගිනි තිව්වද? හූම් නෑ. මේ කැලා ඉඩම් නිකම් දෙන්න බැරි හින්ද මේ කරන්නේ හොඳට සුද්ධ කරලා ඉඩම් වලට අයිතිවාසිකම් කියල රනිල්ගෙන් සින්නක්කර ඔප්පු ගන්න. රිටිගල කැලේට කරපු අපරාධෙට නම් කරපු වුන්ට මහසෝනා ගහන්න ඕනේ. රටේ ඉඩම් ටික ඔක්කොම නොරටුන්ට විකුනන්න හදන රනිල්ටත් වැඩිකල් යන්න ඉස්සෙල්ල වෙඩි නොවදින ජැකට් එකක් ඇඳන් යන්න වෙයි. නන්නාඳුනන තුවක්කුකරුවෙක්ගෙන් සෙට්ටපොච්චි වෙන ඉඩ තියෙනවා. දෙන්නටම පුළුවන් අපායේ ළඟ ළඟ අච්චු වල ඉන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

