රාමසාන් උපවාස ශීලය අවසන් කල ආණමඩුව මුස්ලිම් ජාතිකයින් සංඝට්ටිකුලම මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටට එක්වි අයි. එස් .අයි.එස් ත්රස්තයන්ට විරෝධය දැක්විම අද (5) දහවල් සිදුවිනි.
රාමසාන් උපවාසය අවසන් කරමින් (5) දින සංඝට්ටිකුලම මුස්ලිම් ජාතිකයින් තම බිරිඳන් ,දරුවන් ,හා ඥාතින් එක්වි අයි. එස් ත්රස්තවාදීන්ට විරෝධය දක්වමින් දැඩි විරෝධයක් පැවේ “මුස්ලිම් අපි එයි එස් නොවෙයි අපි ශ්‍රී ලාංකික සහෝදරයින් යැයි” මහ හඩින් හඬ නගමින්ය.
මෙම විරෝධතාවය පැයකට ආසන්න කාලයක් පැවති අතර ඉන්පසුව ආණමඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි වඩත්ත සෝමානන්ද හිමියන් වඩමවා ධර්ම දේශනාවක්ද පවත්වා අෂ්ඨ පරිශ්රකාර පිළිගැන්විම (අටපිරිකර පුජා කිරිමද සිදුවිනි. )
මේ අවස්ථාවට ආණමඩුව ආගමික කමිටුව හා , ආණමඩුව පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක උපාලි රත්න මලල මහතා ඇතුළු නිළධාරින් පැමින තිබුනී.
මෙහිදි අදහස් දක්වමින් සිටි සංඝට්ටිකුලම මුස්ලිම් දේවස්ථානයේ මොහොමඩ් අසිස් මව්ලවි තුමන් පවසා සිටියේ
“අපි හරිම කම්පා වුණා අප්‍රේල් 21 අයි එස් ප්‍රහාරය ගැන . අද වනවිට මේ අයි එස් ත්‍රස්තවාදින් කරපු කාලකන්නි ප්‍රහාරය නිසා සමස්ථ මුස්ලිම් ජාතියට කරපු අවමානයක් ලෙසයි අපි දකින්නේ .
මේ ප්‍රහාරය නිසා අපේ පිරිස් ගැන වපර ඇසින් බලන්න පුරුදු වුණා . මේ නිසා අපි අසරණ වුණා. අපිට කියන්න උවමනා අපි එදත් අදත් හෙටත් අයි එස් ත්‍රස්තවාදින්ට විරුද්ධයි කියලා . යැයි ඔහු පැවසිය.
පුත්තලම - හිරාන් ප්‍රියංකර

