රාජිතට එරෙහිව FCIDයට පැමිණිල්ලක් - GMOA
සෞඛ්‍ය අමාත්‍යවරයා හා නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් නීති විරෝධි ලෙස රජයේ වාහන භාවිතා කරන නිසා ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (10දා) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
සෞඛ්‍ය අමාත්‍යවරයාට නීත්‍යානුකූලව භාවිතා කළ හැක්කේ වාහන තුනක් පමණක් බවත්, එහෙත් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට වාහන දහඅටක් භාවිතා කරන බවට හෙළි වී තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයාටත් වාහන තුනක් භාවිතා කළ හැකි බවත්, එහෙත් නියෝජ්‍ය අමාත්‍යවරයා වාහන 11 භාවිතා කරන බවත්, මේ පිළිබඳව ජාතික ප්රම්පාදන කොමිෂම විසින් මැයි 22 එළිදැක්වූ වාර්තාව මගින්ද පෙන්වා දී තිබෙන බවද පවසා සිටියේය.
මීට අමතරව විගණකාධිපති වාර්තාව මගින්ද මේ පිළිබඳව හෙළිකර තිබෙන බවද සඳහන් කළේය.

popular news
-
Don Thursday, 11 July 2019 09:05 AM
GMOA එක ලෝකෙට පෙන්නන්න හදන්නේ ඒගොල්ලෝ තව්හීත් ජමාත් (එක දෙවියෙක් පමණයි සංවිධානය) වගේ සංගමයක් කියල. අනිත් ඔක්කොම මෝඩයෝ කියල. තමන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ ප්‍රශ්න බලාගන්නේ නැතිව, රෝගීන්ට ප්‍රතිකාර නොකර, රාජිත පාවිච්චිකරන වාහන ගණන්කරකර රාජපක්ෂලාට කඩේ යනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

