රාජිත තවමත් අත්අඩංගුවට ගැනීමට බැරිවෙයි
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා පෙරේදා (24දා) නියෝග කළද අද (26දා) පෙරවරුව වන විටත් එවැනි අත්අඩංගුවට ගැනීමක් වාර්තා නොවීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හිටපු අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිල නිවස වෙත සහ බේරුවල පිහිටි ඒ මහතාට අයත් නිවසට ඊයේ (25දා) ගියද ඒ මහතා එම නිවෙස්වල නොසිටි බව වාර්තාවෙයි. මේ නිසා හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමක් තවමත් සිදු නොවුණි.
පුද්ගලයන් සුදු වෑන්වලින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහන වැවකට දැමූ බව සඳහන් කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ සිද්ධියට හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය නියෝග කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
popular news
-
kapila Thursday, 26 December 2019 09:38 AM
සැක සහිත ස්ථාන - රනිල් ගේ නිවාස - කතානායක නිල නිවාස - රිෂාඩ් ගේ නිවාස - පුජිත ගේ නිවාස
Reply : 0 0
Deepal Nirosh Thursday, 26 December 2019 09:41 AM
මෙහෙමත් කම්මැලි රාජ්‍ය නිලධාරීන්, රාජිත ඇමතිතුමාට අයිති නිවෙස් දෙකක විතරක් හොයල හමු වුනේ නෑ කියනව. මන්ත්‍රී නිල නිවෙස්, කථානායක තිල නිවෙස, විපක්ෂ නායක නිවස තව කොච්චර කියල තියනව ද?
Reply : 0 0
Champa Thursday, 26 December 2019 03:16 PM
හොයා ගන්නම බැරි නම් හැංගිලා ඇත්තේ යූ-ටර්න් ජනාධිපති මන්දිරේ වෙන්න ඇති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

