රාජිත අමාත්‍යධුරයෙන් ඉවත් කරන්න - විමල්
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික රෝහලක් ලෙස තිබියදී එය වෙනුවෙන් රජයේ මුදල් රුපියල් බිලියන 05ක් වැය කිරීම, ප්‍රමිතියෙන් බාල, කල් ඉකුත් වූ හා රෝගීන්ට ලබා නොදෙන ලෙස තීන්දු කර ඇති ඖෂධ මෙරට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ලබා දීම වැනි මානව අපරාධ සිදු කළ රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා වහාම ධුරයෙන් ඉවත්කර, පරීක්ෂණ සිදු කර නීතිය හමුවට ඉදිරිපත් නොකළහොත් මෙම ආණ්ඩුව ද මානව අපරාධ සිදු කළ ආණ්ඩුවක් ලෙස සැලකීමට මෙරට ජනතාවට සිදුවනු ඇතැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
අද (14) සවස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.
“රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව දැනටමත් සනාථ වී ඇති බරපතළ දූෂණ චෝදනා පිළිබඳව කරුණු දැනුම්වත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත මහත්වරුන් කණ්ඩායමක් අද මෙහි පැමිණියා. එහිදී ඔවුන් පෙන්වා දුන්නා, ‘රජයට පවරා ගත්තා, යැයි පට්ටපල් බොරු පවසමින්, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල තවදුරටත් පෞද්ගලික රෝහලක් ලෙස තිබියදී මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් රුපියල් බිලියන 05කට වැඩි ප්‍රමාණයක් මේ වන විට නීති විරෝධීව වියදම් කර තිබෙනවා’ කියා. ඇත්ත වශයෙන් ඒ කාරණාව වුවත් ප්‍රමාණවත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා හිරේ යවන්න. නමුත් මේ රටේ නීතිය ඔහුට විරුද්ධව ක්‍රියාත්මක වන්නේ නැහැ.
ඒ වගේම රාජිත සේනාරත්න අමාත්‍ය ධුරය දරන කාලයේ සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව රෝහල්වලින් ප්‍රතිකාර ගත්තු රෝගීන්ට ප්‍රමිතියෙන් බාල, කල් ඉකුත් වූ හා රෝගීන්ට ලබා නොදෙන ලෙස තීන්දු කර ඇති ඖෂධ සියල්ල ලබා දී තිබෙනවා. ඖෂධ ජාවාරම්කරුවන් සතුටු කිරීමටයි මේ බරපතළ මානව අපරාධය කර ඇත්තේ. මෙය සමූහ මිනිස් ඝාතනයක් ලෙස හඳුනාගත හැකියි. අද දුප්පත්, අහිංසක රෝගීන්ට රජයේ සෞඛ්‍ය සේවය පිළිබඳව මෙතෙක් පැවැති විශ්වාසය නැතිව ගොස් තිබෙනවා.
මෙවැනි බරපතළ දූෂණ, මානව අපරාධ සිදු කළ අයකුට තවදුරටත් කැබිනට් අමාත්‍ය ධුරයක් දැරිය හැක ිද? මෙවැනි පුද්ගලයකුට ‘ඇමති’ කියා ආමන්ත්‍රණය කරන්න මේ රටේ ජනතාවට පුළුවන් ද? දොස්තර සාෆිට එල්ල වී ඇති චෝදනාවන්ටත් වඩා බරපතළයි, ඇමති රාජිතට එල්ල වී ඇති චෝදනා. දොස්තර සාෆිගෙන් බැට කෑවේ සිංහල ගැබිණි මව්වරුන් පමණයි. නමුත් රාජිත සේනාරත්න කියන දත් දොස්තරගෙන් බැට කාලා තිබෙනවා, මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු රෝගීන්. මේ මානව අපරාධයන්ට වගකිව යුතු ඇමතිවරයා වහාම ධුරයෙන් ඉවත් කර පරීක්ෂණ කටයුතු ඇරඹිය යුතුයි. එහෙම නැත්නම් මේ මානව අපරාධයන්ට සහාය දුන් ආණ්ඩුවක් ලෙසයි මේ ආණ්ඩුව සැලකිය හැක්කේ.”
popular news
-
Don Saturday, 15 June 2019 08:38 AM
මෙයා සුදනා වගේ ඉඳගෙන අරය ඉවත්කරන්න මෙයා ඉවත්කරන්න කියනවා. බලයේ ඉන්නකොට සහෝදරයන්ට නෑදෑයන්ට රජයේ නිවාස රජයේ වාහන දීල හොර පාස්පෝර්ට් හදාගෙන කරපු සෙල්ලම් මිනිසුන්ට අමතක නෑ.
Reply : 0 32
මහේෂ් Sunday, 16 June 2019 09:48 AM
මීට වඩා උගත් බුද්ධිමත් පුද්ගලයෙක් හිටියේ මං නැත්ද GMOA එකට කථා කරන්න?
Reply : 0 21
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

