රාජිත අත්අඩංගුවට ගන්න - GMOA
සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලද අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද (10දා) දින සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවත්, ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා රජයේ ප්‍රධාන රෝහලක් ඉදිරිපිට විරෝධතා බැනරයක් ප්‍රදර්ශනය කරන බවත් එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
විරෝධතා සතිය තුළ සෞඛ්‍ය ඇමතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට අත්පත්‍රිකා බෙදා හරින බවත්, මීට අමතරව පළාත් මට්ටමින් විරෝධතා සිදුකරන බවත් හෙතෙම පවසා සිටියේය.
සතියක කාලයකින් පසු වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මේ නිසා සිදුකරන ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පැවසීය.

popular news
-
සේනක Tuesday, 11 June 2019 07:15 AM
මෙතෙක්කල් පැවති ඖෂධ මාපියාව නැතිකල නිසාද රාජිත අත්අඩංගුවට ගන්න කියන්නේ.ඇමතිගේ ඒ ක්‍රියාවෙන් සංගමේ කට්ටියට හරියට පාඩුවගෙයි හරිනම් ප්‍රජා අයිතිය නැතිකල යුත්තේ රෝගීන් ප්‍රාණ ඇපයට තබාගෙන කටයුතු කරන GMOA එකේ ක්‍රියාකාරීන් සියලුම දෙනාගේ කියලයි ජනතාවගේ මතය වන්නේ
Reply : 0 1
sirisena Tuesday, 11 June 2019 10:17 AM
අම්මෝ! අයෙ GMOA අවතාරය නැවත ආරුඩ වෙලා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

