රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට ගැටලුවක් නෑ -බන්දුල
රාජ්‍ය සේවකයන්ට තර්ජනය කර ඔවුන්ගෙන් පලි නොගන්නා ලෙස සියලු දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (06දා) පැවසීය.
රටේ පවතින අස්ථාවරභාවයට රාජ්‍ය සේවකයන් වගඋත්තරකරුවන් නොවන බවත්, ඔවුන්ට දඬුවම් පැමිණ වීම සාධාරණ නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා,
“රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම, සමෘද්ධි සහනාධාරය ලබාදීම යන කටයුතු සිදුකර ගත නොහැකිව, ණය වාරික ගෙවාගත නොහැකිව රට නතර වී තිබෙන බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනා පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටතදී දිගින් දිගටම ප්‍රචාරණය කරගෙන යනවා. මෙය ඉතා අහිතකර තත්ත්වයක්. රටේ ජනතාව බිය වැද්දීමක්.
මේ වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා තෙක් කිසිදු වියදමක් දැරීම පිළිබඳ අබමල් රේණුවකවත් ප්‍රශ්නයක් මතුවෙන්නෑ. 2018 වර්ෂයට විසර්ජන පනත් කෙටුම්පත මගින් දෙසැම්බර් 31 වනතෙක් සියලු වියදම් අනුමත කර තිබෙනවා. ඒ අනුමත කර තිබෙන වියදම් දැරීම පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් මතුවෙන්නෙ නෑ. අවශ්‍යතාවක් වුවහොත් ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් මාස තුනකට මුදල් ලබාගන්න පුළුවන්.
මැතිවරණ කොමිසමට අවශ්‍ය මුදල් වෙන්කර තිබෙනවා. මැතිවරණයක් නොපැවැත්වුවහොත් නව අයවැයක් ඉදිරිපත් කරනතෙක් විදයම් පියවා ගැනීම සඳහා මෛත්‍රී - මහින්ද රජය සකස් කළ රුපියල් බිලියන 1,735ක අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මේ දේශපාලන අවුලට රාජ්‍ය සේවකයන් සම්බන්ධ නැහැ. රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කිරීම සාධාරණ නැහැ."

popular news
-
තර්ස්තයා Friday, 07 December 2018 07:13 AM
ඇත්තයි , කිසි අව්ලක් නැහැ , රජයේ මුදල් ගෙවල් වල තැන්පත් කරලා තියෙනව. ඒවායින් ගෙවන්න පුළුවන් , කිසිම ප්‍රස්නයක් නැහැ .
Reply : 0 16
Nandana Friday, 07 December 2018 02:13 PM
ඉල්ලුම සැපයුමට සමාන නම් මිල සමතුලිත වනූ ඇත.මෙයා කවුද ?, දැන් රට පාලනය කරන්නේ මහජනයා ,අපි ගාව මස් කටු නැහැ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
