ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි වැඩබලන සභාපතිවරුන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කිරීමට අද (28දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නව සභාපති (වැ.බ) ලෙස නීතිඥ සරත් කෝන්ගහගේ, ස්වාධීන රූපවාහිනී සේවය හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපති (වැ.බ) ලෙස ආචාර්ය සෝමරත්න දිසානායක සහ සී/ස එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ නව සභාපති (වැ.බ) වසන්ත ප්‍රිය රාමනායක යන මහත්වරුන් පත්කර තිබේ.