රාජ්‍ය පරිපාලන ලේකම්ගෙන් ප්‍රශ්න කිරීම වැරදියි
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාගේ සිදු කළ ප්‍රශ්න කිරීම් අනුමත නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
කලවාන - පොතුපිටිය ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයක් සඳහා එක් වෙමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජයේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා බුදුදහමට හානිකර තත්වයක් ඇතිවූ බවයි.
“මම හිතන්නේ නැහැ මේ අයට ප්‍රශ්න කරන්න බලයක් තියෙනවා කියලා. තේරීම් කාරක සභාව පත් කළ කාරණයක් තියෙනවනේ. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳවයි ප්‍රශ්න කරන්නේ .රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා ගෙනල්ල ප්‍රශ්න කරන්නේ ප්‍රහාරයෙන් පස්සෙ නේ චක්‍ර ලේඛනය ආවේ.ඒක ගැන ප්‍රශ්න කරන්න බැහැ.”
දෙනියාය ප්‍රියංක ගමගේ/අජිතලාල් ශාන්ත උදය/කොළොන්න නානායක්කාර

popular news
-
Champa Monday, 17 June 2019 10:13 AM
රජයේ චක්‍ර ලේඛනයක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති පාර්ලිමේන්තුවේ ළදරු තේරීම කාරක සභාව රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක්ගෙන් ප්‍රශ්න ඇහැව්වේ හරියට නිකම් අපරාධකාරයෙක්ගෙන් ප්‍රශ්න අහනවා වගේ හරිම aggressive විදිහට. මමත් video එක බැලුවේ පස්සේ. අහන තරමක් හැව්වෙත් මැටි ප්‍රශ්න. අනික ඇත්ත තමයි. පාස්කු ප්‍රහාරෙයි චක්‍ර ලේඛයයි අතරේ කිසි සම්බන්ධෙකුත් නැහැ. මේ විදිහට රාජ්‍ය පරිපාලන නිලධාරීන් හෑල්ලු කරන්න ඉඩ දෙන එක වැරදියි. නායකයෙක් නැති පාලකයෙක් නැති රටක මෙහෙම වෙන එක ගැන පුදුම වෙන්න දේකුත් නැහැ. හැබැයි මෙහෙම වෙන එකත් හොඳයි. 2015 ඉඳන් රජයේ සේවකයන්ට වහල් ආණ්ඩුව කරපු දේවල් වල උපරිමයට දැන් ඇවිල්ල ඉන්නේ. එක රජයේ සේවකෙක් යූඑන්පී එකට ආයේ චන්දෙ දෙන්නේ නැහැ. දැන්මම කියන්න පුළුවන්. තැපැල් චන්ද ඔක්කොම පරාදයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

