රාජ්‍ය නායක සමුළුවට ගෙනා බෙන්ස් රථ විකිණීමේදී මගඩියක්?
පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන්ගේ පාවිච්චියට මෙරටට ගෙන්වන ලද බෙන්ස් රථ 50 ක් අඩු මිලට විකුණා රජයට කෝටි 10ක මුදලක් පාඩු කළේ යැයි කියන සිද්ධියක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තාවේ.
එක වාහනයක සැබෑ වටිනාකමට ලක්ෂ 20ක් මිල අඩුවෙන් මෙම වාහන විකුණා ඇතැයි කියති. අතිරේක ලේකම්වරු දෙදෙනෙක් මෙම ගනුදෙනුවට මූලික වී ඇතැයි ද වාර්තා වේ. මේ
කරුණු පිළිබඳ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතාගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ පරීක්ෂණයක් පැවැත්වෙන සිද්ධියක් නොදන්නා බවයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් 50 දෙනා සඳහා ගෙන්වන ලද වාහන සමුළුවෙන් පසු අනිවාර්යයෙන්ම විකිණීමට සිදුවෙන බවද ඔහු කීය. ඒ අනුව මෙම වාහන විකුණා දැමූ බවද ඔහු කීය.
විකුණන ලද මිල ගණන් පිළිබඳ පැහැදිලි මතකයක් නැති බව කී ඒ මහතා මේ වාහන අලෙවි නොකර රඳවා ගැනීම තවත් විශාල පාඩුවක් බවද පවසා සිටියේය.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප)

popular news
-
ROCKY Monday, 01 October 2018 08:23 PM
මේවගේ වංචනික කටයුතු කරන්නොත් ඒවාට අනුබල දෙන පක්කලි නිලධාරීනුත් බඩ ජහරි ජාතිද්රොහියෝය.ඔවුන්ට දෙයියන්ගේ පිහිටෙන් හෙන වැදිය යුතුය!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

