රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් පත්කිරීමේ බලය අමාත්‍යවරුන්ගෙන් ඉවතට
රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපති මණ්ඩල, සංස්ථා, රාජ්‍ය ව්‍යවසාය සඳහා සභාපතිවරුන් හා අධ්යක්ෂවරුන් පත්කිරීමේදි නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මේ අනුව ඉදිරියේදී එම කමිටුව හරහා ලබාදෙන නිර්දේශ මත නිල බලයෙන් පත්වන අධ්යක්ෂවරුන් හැර අනෙකුත් සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීම සිදුවෙනු ඇත.
පිළිගත් උපාධියක්, වෘත්තීය සුදුසුකම් හා දීර්ඝ වෘත්තීය පළපුරුද්ද අනුව එම නිලධාරීන් ඉදිරියට පත්කිරීමට නියමිතය.
මේ සඳහා ජනපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇති එහි අනෙකුත් නියෝජිතයන් වන්නේ ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්.ජේ.එස්. කරුණාරත්න, අගමැතිවරයා පත්කරන නියෝජිතයන් දෙදෙනෙක්, මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා නම් කරන පුද්ගලයෙක් ඇතුළත් වෙයි.

popular news
-
sudelmi Wednesday, 28 November 2018 03:29 PM
එතොකොට රාජ්‍ය දැව සංස්ථාවට දෙවරක්ම හොර සබපතිලා පත්කළේ මේ අපිද?
Reply : 0 0
Duminda Wednesday, 28 November 2018 03:58 PM
oya kiyana balaya oheta pawara ganna baha. Eka neethyanukoola amathimandalaya yathathata enne. Ayeth walge uda hitagena. Kakula ussanna poddak. Oya hama dema viwastha virodi
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
